27 July 2024
#ක්‍රීඩා

අපි ඉඩම් බලෙන් අල්ලා ගන්නේ නෑ

පසුගිය රජය මෙන් හමුදාව යොදා බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීමක් මෙම රජය යටතේ සිදු නොවන බව මහාමාර්ග සහ මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ බුලත්කොහුපිටියේදී මාර්ග සංවර්ධනය සම්බන්ධයෙන් අද (08) පැවති ජන හමුවක් අමතමින්.

එහිදි අමාත්‍යවරයා කියා සිටියේ “ කිසිදු ආකාරයක බලහත්කාරකමකින් ජනතා දේපළ අත් කර ගැනීමට මෙම රජය කටයුතු නොකරන බව පැවසූ අමාත්‍යවරයා,නිසි කළමනාකරණයක් සහිතව සියලු දෙනා වෙත නිසි වන්දි ලබා දීමට අවශ්‍යය කටයුතු කරන බවයි. පසුගිය රජය යටතේ කරන ලද ඉදිකිරීම්වලදී ඉඩම් අත්පත් කර ගැනීමේදී වන්දි නොගෙවන ලද පිරිස වෙනුවෙන් ඉදිරියේදී හිමි වන්දි ලබා දෙන්නට පොරොන්දු වූ අතර,නව අත්පත් කිරීම් සම්බන්ධයෙන්ද වන්දි කඩනමින් ලබා දීමට අවශ්‍යය කටයුතු සිදු කිරීමට පැමිණි මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මොරොන්තොට පාළම පිළිබදව තමා කිසිසේත්ම සෑහීමකට පත් නොවන බව පැවසූ කබීර් හෂීම් අමාත්‍යවරයා එම ඉදිකිරීම් පමා කිරීම සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ගෙන් කරුණු විමසන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට දැන් වූ අතර,එම ඉදිකිරීම නිවැරදිව සහ කාර්යක්ෂමව ඉටු නොකරන්නේනම් අදාළ කොන්ත්‍රාත්කරු වෙනස් කිරීමට අවශ්‍යය නීතිමය හැකියාව සොයා බලන ලෙස ද දැණුම් දුන්නේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *