• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

අභියෝග කොතෙක් තිබ්බත් රටේ සංවර්ධනය ඉදිරියට – අගමැති

3 July 2019
in සංවර්ධන
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

ආණ්ඩුවට කොපමණ අභියෝග පැමිණිය ද රට සංවර්ධනය කරමින් ඉදිරියට ගමන් කරන වේගය අඩාල නොකරන බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (02) දින අරලියගහ මන්දිරයේ පැවැති සමෘද්ධි නිවාස ලොතරැයි ජයග්‍රාහකයින් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවය අමතමින්.

ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සමෘද්ධි නිවාස ලොතරැයිය මාසිකව දිනුම් අදිනු ලබන අතර පසුගිය මාස 6 හි ජයග්‍රාහකයින් සඳහා ඊයේ දින චෙක්පත් ලබාදීම සිදු කෙරිණි.

පසුගිය කාල වකවානුවේ දී බෝම්බ පිපිරීම්, බලය පැහැර ගැනීම්, ආණ්ඩුවට එරෙහිව ජනමත ගොඩනැගීම් වැනි අභියෝග රැසකට මුහුණදීමට සිදුවූ බවත්, ඒ අභියෝග හමුවේ අසාර්ථක නොවී ඉදිරියට පැමිණීමට ආණ්ඩුවට හැකි වූ බවත් වික්‍රමසිංහ මහතා සිහිපත් කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ” මේ වසරේ ජනවාරි මාසයේ සිට රජයේ කිසිදු වැඩසටහනක් අතරමග නතර නොකර ඉදිරියටම කරගෙන යාමට අපේ ආණ්ඩුව කටයුතු කළා. ආණ්ඩුව විවිධ ගැටළුවලට මුහුණ දුන්නා. පසුගිය වසර අවසන් කිරීමට අපට සිදුවුණේ අග්‍රාමාත්‍ය ධූරය පවා අහිමිවීමෙන් පසුවයි. ඇමතිධූර පවා අහිමි වී ගියා. නැවතත් අප බලයට පත්වී රට ඉදිරියට ගෙන යාවි යැයි කිසිවෙකුත් සිතුවේ නැහැ. නමුත් නැවතත් ආණ්ඩු බලය ලබාගත් පසු පෙරටත් වඩා සීග්‍රයෙන් සංවර්ධන වැඩකටයුතු ඉදිරියට කරගෙන යා යුතු යැයි මම අපේ අමාත්‍ය මණ්ඩලයට උපදෙස් දුන්නා. දේශපාලන කුමන්ත්‍රණයෙන් පසුව නැවතත් රට භාර ගත්තේ එක්සත් ජාතික පක්ෂය පමණක් නියෝජනය කරන ආණ්ඩුවක්. එම නිසා අපේ වැඩකටයුතු වලට ඇතැමුන් බාධා කරනවා හෝ කකුලෙන් අදිනවා යැයි දොස් පැවරීමට අපට හැකියාවක් නැහැ. එම නිසා චෝදනා කිරීම්වලින් තොරව රට සංවර්ධනය කිරීමට කටයුතු කළ යුතු යැයි අප තීරණය කළා. අපේ රජය යටතේ සංවර්ධන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වුණා. උදාගම් ව්‍යාපෘතිය යටතේ ග්‍රාමීය නිවාස ඉදිකිරීමට කටයුතු කළා.

මම අමාත්‍ය මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙන්නේ සංවර්ධන වැඩසටහන් සියල්ල සැප්තැම්බර් – ඔක්තෝබර් මාස වන විට අවසන් කරන ලෙසයි. බෝම්බ පිපිරීම්, බලය පැහැර ගැනීම්, ආණ්ඩුවට එරෙහිව විශාල ජනමත ඇති කිරීම් ආදිය හමුවේ වෙනත් ආණ්ඩු බිඳ වැටෙනවා. අපේ ආණ්ඩුවටත් මේ සියල්ලට මුහුණදීමට සිදුවුවත් ඒ කිසිඳු අභියෝගයක් හමුවේ අසාර්ථක නොවී සීඝ්‍රයෙන් ඉදිරියට යාමට අපට හැකි වුණා. ඒ සඳහා නව වැඩසටහන් රැසක් අපි ක්‍රියාත්මක කර තිබෙනවා. පසුගිය වසර 5 ක කාලය තුළ රටේ විශාල සමාජ ආයෝජනයක් ඇති කිරීමට අප කටයුතු කළා. රටේ ආර්ථික දියුණුව ඇති වන්නේ එම සමාජ ආයෝජන මතයි. ඒ සඳහා දයා ගමගේ අමාත්‍යතුමා සිදු කර තිබෙන සේවය මම විශේෂයෙන් අගය කරනවා. ඒ වෙනුවෙන් සහයෝගය දැක්වූ සියලූම රාජ්‍ය සේවකයන්ටත් ස්තුතිවන්ත වෙනවා. අපේ ආණ්ඩුව ඉදිරියට ගමන් කරන වේගය කිසි විටෙකත් අඩාල කරන්නේ නැහැ. ඉදිරි මාස කිහිපයේ දී සංවර්ධන වේගය තව තවත් වැඩි කරමින් ඊට අවශ්‍ය මුදල් යෙදවීමටත් අපි කටයුතු කරනවා. යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත්‍රී බන්දුලලාල් බණ්ඩාරිගොඩ, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් එස්.ඊ.ආර්.ටී.එම්.එස්.පී. බණ්ඩාර යන මහත්වරු ඇතුලූ රාජ්‍ය නිලධාරීන්, සමෘද්ධි නිවාස ලොතරැයි චෙක්පත්ලාභීන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

Post Views: 19
Previous Post

වහාබ් අන්තවාදය එරෙහි ජනතා රැළිය හෙට නුගේගොඩදී

Next Post

හේමසිරි – පුජිත ලබන 09 වනදා තෙක් යලි රිමාන්ඩ්

editor

editor

Next Post

හේමසිරි - පුජිත ලබන 09 වනදා තෙක් යලි රිමාන්ඩ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දුර බැහැර ප්‍රදේශවල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් ඉල්ලා GMOA වෙතින් රජයට බලපෑම්

දුර බැහැර ප්‍රදේශවල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් ඉල්ලා GMOA වෙතින් රජයට බලපෑම්

15 September 2026
වන විනාශය හෝ පරිසර හානියක් ගැන දැනුම්දීමට 1995ට කතා කරන්න

වන විනාශය හෝ පරිසර හානියක් ගැන දැනුම්දීමට 1995ට කතා කරන්න

15 September 2026
ඉන්ධන මිල සංශෝධනයක් ගැන මෙතෙක් කිසිදු යෝජනාවක් නැහැ

ඉන්ධන මිල සංශෝධනයක් ගැන මෙතෙක් කිසිදු යෝජනාවක් නැහැ

15 September 2026
ඩයස්පෝරා අරමුදල් ලැබුණු බවට  පළ වන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කරයි

ඩයස්පෝරා අරමුදල් ලැබුණු බවට පළ වන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කරයි

15 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

කරුණා පිල්ලෙයාන් දමනය කළා වගේ නාමල් අර්චුනා දමනය කළා

15 September 2026
වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

15 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved