27 April 2024
#දේශීය

වහාබ් අන්තවාදය එරෙහි ජනතා රැළිය හෙට නුගේගොඩදී

‘වහාබ් අන්තවාදය අතුගා දමමු’ යන තේමාව යටතේ වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් හෙට (04) සවස 3:00ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී ජන රැලියක් පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර ඇති බව එම ව්‍යාපාරයේ කැදවුම්කරු මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමියෝ පවසති.

ඒ සඳහා මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, ආචාර්ය පූජ්‍ය මාදුරුඔය ධම්මිස්සර හිමි, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු, රියද් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර, මධුමාධව අරවින්ද, අනූෂා දමයන්ති යන කලා ශිල්පීහු ඇතුළු පිරිසක් මෙහිදී අදහස් දැක්වීමට නියමිත බව වහාබ් අන්තවාදයට එරෙහි ජනතා සංවිධානය කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *