• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආණ්ඩුවේ තෙල් සුත්‍රය ..! මට නම් තේරෙන්නේ නෑ ..! – මන්ත්‍රී මරික්කාර්

22 October 2018
in සංවර්ධන

තෙල් මිල හා ඇතැම් බඩුමිල හමුවේ රටේ ජනතාව මේ වන විට ආර්ථික වශයෙන් පීඩා විදින බවත්, භාණ්ඩ හා සේවා මත පනවා ඇති බදු අඩු කර හෝ රටේ අවම පඩියෙන් පවුලක් නඩත්තු කළ හැකි ආර්ථිකයන් හැදීම ආණ්ඩුවේ සහ දේශපානඥයාගේ වගකීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ, රත්මලාන අත්තිඩිය ප්‍රදේශයේ සුභ සාධක සමීති 07 ක් සදහා රුපියල් 300,000 ක් වටිනා උත්සව භාණ්ඩ ප්‍රදානය කිරීමේ අවස්ථාකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,” දැන් රටේ රුපියල අවප්‍රමාණය වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම අපිට තියෙන්නේ ආනයන ආර්ථිකයක්. නමුත් අපනයන ආර්ථිකයක් තිබුනානම් මේක වාසි වෙන්න තිබුනා. මේ තත්වය වෙනස් වෙන්න නම් ඩොලර් විශාල ප්‍රමාණයක් ලංකාවට එන්න ඕනේ. ඒ කියන්නේ අපිට අපනයන,සංචාරක කර්මාන්තය සහ ආයෝජකයින්ගේ පැමිණිම කියන කාරණ තුනෙන් තමයි ඩොලර් ගේන්න ඕනේ. ආණ්ඩුව තෙල් මිලට සූත්‍රයක් හදුන්වලා දීලා තියෙනවා. ඒක මට නම් තේරේන්නේ නෑ. තෙල් බැරලයේ මිල වැඩීවීමත් එක්ක, තෙල් මිල සූත්‍රයක් තියෙනවානම් වැඩි වෙන්න ඕනේ.හැබැයි ඒ මිල වැඩිවීමේ ප්‍රමාණය සාධාරණ ද කියලා පොඩි ගැටළුවක් තියෙනවා. මේ ආණ්ඩුව රාජපක්ෂ කාලේ ප්‍රෙට්‍රල් ලීටරයක පනවලා තිබුණු රුපියල් 35 ක බද්ද රුපියල් 12 ට අඩු කරලා තියෙනවා. ‍ඩීසල් වලට තිබ්බ බද්ධ රුපියල් 4 ක අඩු කරලා තියෙනවා. ඒ අනුව තෙල් බැරලයේ මිල වැඩීමක් එක්ක මේ මිල වැඩි කිරීමේ ගාන සාධාරණ කියන සැකයක් පවතිනවා. නමුත් ඒක හරි වුනත් වැරදි වුනත් මහජනතාව තෙල් මිල හා බඩු මිල වැඩිවීම නිසා විශාල ලෙස පීඩා විදිනවා. ඒ නිසා දේශපාලනය කරන අය තමන්ගේ දේශපාලනයට කලින් තමන්ව පත් කරන ජනතාව ගැන සංවේදී වෙන්න ඕනේ. ඒ නිසා තවදුරටත් බදු අඩු කරලා හරි තෙල් මිල ඇතුළු පාරිභෝගික ද්‍රව්‍ය වල මිල අඩු කරන්න ඕනේ කියන අපි විශ්වාස කරනවා. ඒ නිසා අපි දන්නවා රටේ අවම පඩිය කීයද කියලා. ඒ පඩියෙන් පවුලක් නඩත්තු කරන්න පුළුවන් ආර්ථිකයක් හැදීම ආණ්ඩුවේ වගකීමක් ” යැයි මන්ත්‍රී මරික්කාර් පැවසීය.

Post Views: 21
Previous Post

ඇමැති කිරිඇල්ලට අස්ගිරි මහාවිහාරයෙන් ගෞරව නාම සම්මානයක්

Next Post

21 වන සියවසේ සේද මාවතේ එක් මාවතක 05 වන සංවත්සරය ලබන 24 සැමරේ

editor

editor

Next Post

21 වන සියවසේ සේද මාවතේ එක් මාවතක 05 වන සංවත්සරය ලබන 24 සැමරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved