27 April 2024
#දේශීය

ඇමැති කිරිඇල්ලට අස්ගිරි මහාවිහාරයෙන් ගෞරව නාම සම්මානයක්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට ජාතික හා සමාජීය වශයෙන් සිදුකල මෙහෙවර හා ශ්‍රී සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරන්නට යෙදුන ඉමහත් වූ සේවයට උපහාර වශයෙන් ශාසනමාමක ජනප්‍රසාදන යන ගෞරව නාම සම්මානය පිරිනැමීම ඊයේ (20) දින අස්ගිරි මහා විහාරීය මංගල උපෝසථාගාරයේදී සිදුකෙරිණි.

අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය ආචාර්ය වරකාගොඩ ඥාණරතන මහානායක හිමියන් ප්‍රධාන විංසත්වර්ගික කාරක සංඝ සභාවේ සමානච්චන්දයෙන් පිරිනමන්නට යෙදුන මෙම ගෞරව නාම සම්මානය සහිත ශ්‍රී සන්නස්පත්‍රය අමාත්‍යවරයා හට පිළිගැන්වූයේ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන මහානායක හිමියන් විසිනි. අස්ගිරි මහා විහාරය මගින් මෙවැනි ගෞරව නම ප්‍රධානයක් සිදු කරන්නේ වසර ගණනාවකට පසුව වීම ද විශේෂත්වයකි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම සම්මාන ප්‍රදානෝත්සවය සදහා මල්වතු අස්ගිරි උභය විහාරයන්හි අනුනායක හිමිවරුන් ඇතුළු මහාසංඝරත්නය, මැතිඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *