• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආපු දවසේ ඉදන් තිබ්බේ අභියෝග – හිටපු ඇමැති කබීර්

16 June 2019
in දේශීය

ආණ්ඩුව ලබා ගත් දිනයේදී පටන් ස්වභාවික විපත්වලටත්, විපක්‍ෂයෙන් ආ අභියෝගවලටත් රජය මුහුණ දුන් බවත් අපේ ජනතාවට සාධාරණයක් ඉටුකිරීම සඳහා මේ රජයට යම් යම් බාධා ඇතිවු බව හිටපු අමාත්‍ය කබීර් හෂිම් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (15) කෑගල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය “ ඔබලාගේ හිත විතරක් පුරවලා යන එක මදි. හිත පුරවන්න මගේ වචනවලින් පුළුවන්. නමුත් පසුගිය මාස කිහිපය තුල පැය 24ම වැඩ කරමින් අපේ ගම්වල පන්සල්, පල්ලි, කෝවිල්, ප‍්‍රජාශාලා, ග‍්‍රාමීය මාර්ග, පාසැල් ඇතුළු සෑම ක්‍ෂ්ත‍්‍රයකටම අවුරුදු ගණනකින් නොකළ වැඩ කිරීමට ආරම්භ කර තිබෙනවා. අළුතෙන් සමෘද්ධිය දීම ආරම්භ කර තිබෙනවා. මට ඉතිරිව තිබෙන්නේ ඔබලාගේ දරුවන්ට රැකී රක්‍ෂා ලබාදීමයි. මගේ අන්තිම හුස්ම යනකල් මා පොරොන්දු වෙනවා ඔබට ඒ සේවය ඉටුකරන බවට. හිත පමණක් පුරවන් නැතුව ඔබලාගේ අත්දෙකත් පුරවන්න මම සහතික වෙනවා. මම ඔබගේ මහජන සේවකයා. එබැවින් අපට තව මාස 6ක් මැතිවරණයක් වෙනුවෙන් තියෙනවා. එම මාස කීපය තුළ අපගේ මන්ත‍්‍රී කණ්ඩායම සමග එක්ව එම යුතුකම් ඉටුකරන්න කටයුතු කරනවා. ඊට සැලැස්මක් අපට තියෙනවා. 2014 ගරු නායකතුමාගේ ඉල්ලීමක් මත අප එකතුවෙලා වැටුණු එක්සත් ජාතික පක්‍ෂය නැගිටුවන්න ජනජය වැඩසටහන ක‍්‍රියාත්මක කරමින් වසරක් තුළ එක්සත් ජාතික පක්‍ෂය ඉදිරිපත් කළ අපේක්‍ෂයා ජයග‍්‍රහණය කරවීමට කටයුතු කළා. එක්සත් ජාතික පක්‍ෂ සභාපතිවරයා ලෙස ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපතිවරයෙක් පත්කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල සිදුකරනවා. ඒ කාර්යය ඉටුකරලයි නැවත හැරිලා බලන්නෙ. ඔබලාගේ ඉල්ලීම අනුව එක්සත් ජාතික පක්‍ෂය සමග තම සේවාව ඉදිරියටත් ලබාදීමට කටයුතු කරනවා.

අතිගරු මහානායක ස්වාමීන්වහන්සේලාට මේ අවස්ථාවේදී මගේ විශේෂ ස්තූතිය පුදකර සිටිනවා. උන්වහන්සේලාගේ මැදිහත්වීම නිසා ඇවිලෙන්න තිබූ ගින්නක් වලක්වා ගැනීමට හැකිවුණා. ශ‍්‍රී ලාංකිකයෙක් හැටියටත් මුස්ලිම් ප‍්‍රජාව වශයෙනුත් අතිගෞරවණීය මහානායක හිමිවරුන්ට අපගේ ගෞරවය නැවතත් පුදකරනවා.

විනයක් ඇති පක්‍ෂයක් ලෙස, එක්සත් ජාතික පක්‍ෂය ලෙස මම ඉල්ලා සිටින්නේ ඔබ සියලූ දෙනාම ඉතා සාමකාමීව විසිර යමින් රටට අවශ්‍ය සහය ඉදිරියටත් ලබාදෙන ලෙසයි. ඔබගේ ඉල්ලීමට හිස නමමින් ඉදිරියේදී මා කටයුතු කරනවා.යැයි මන්ත්‍රී කබිර් හෂිම් වැඩිදුරටත් පැවසිය.

Post Views: 10
Previous Post

පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය අද(16) යෙදි තිබේ.

Next Post

පාර්ලිමේන්තු මැතිවරණයට කලින් ජනාධිපතිවරණයයි ඕන – ඇමැති පාඨලි

editor

editor

Next Post

පාර්ලිමේන්තු මැතිවරණයට කලින් ජනාධිපතිවරණයයි ඕන - ඇමැති පාඨලි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved