27 April 2024
#දේශීය

පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය අද(16) යෙදි තිබේ.

මිහිදු හිමියන්ගේ ශ්‍රී ලංකා ගමනයෙන් පසු දෙවන පෑතිස් රජු ඇතුළු 40000 ක් පමණ පිරිසකට චුල්ලහත්තිපදෝපම සූත්‍රය දේශනා කිරීම සිදුවූයේ ද අද වැනි පොසොන් පොහෝ දිනකය. අනුරාධපුරය සහ මිහින්තලය පූජා නගර කේන්ද්‍රකර ගනිමින් දහස් ගණන් සැදැහැවතුන් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවල නිරත වේ.

එමෙන් ම දිවයින පුරා සෑම වෙහෙර විහාරස්ථානයක් ආශ්‍රිතවම දාන, ශීල, භාවනා වැඩසටහන් සහ දන්සැල්, බැති ගී ප්‍රසංග ඇතුළු බෞද්ධ ආගමික අංග රැසක් සංවිධානය කර ඇත. ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් පොසොන් උත්සවය පෙර සිරිත් අනුව ඉතා ඉහළ මට්ටමින් පැවැත්වීම සඳහා රජය පූර්ණ අනුග්‍රහය ලබා දෙනු ඇත.

ජූනි 10 වන දා සිට 16 වන දා දක්වා රජයේ සියළු ගොඩනැගිලි පොසොන් සතිය වෙනුවෙන් සැරසිලි කොට අලංකෘත කරලීමට ද පියවර ගෙන තිබේ. මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් ජූනි මස 12 සිට ජුනි මස 18 දක්වා කාල සීමාව පොසොන් සතිය ලෙස රජය ප්‍රකාශයට පත් කර ඇත. මෙවර පොසොන් තේමා පාඨය ලෙස ”සබ්බේ තසන්ථි දන්ඩස්ස” යන තේමාව යොදා ගෙන ඇති බව අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වෙයි. එමෙන් ම ජූනි 12 දින සිට 18 දක්වා කාලය අතුළ සියලු සියලු සුරා සැල් හා මස්කඩ වසා දැමීමට තීරණය කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *