• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉදිරි වසර දෙක තුලදී පොදු පාසල් ක්‍රමය ස්ථාපිත කරන බව අගමැති කියයි

22 May 2019
in දේශීය

ආගම් හා ජාතිය පදනම් කර නොගත් පොදු පාසල් ක්‍රමයක් ඉදිරි වසර දෙක තුළ රටෙහි ස්ථාපිත කළ යුතු බවත්, එදා මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා ආරම්භ කළ ඒ ක්‍රමය වර්තමානය වන විට සිංගප්පූරුව තුළ ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (22) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවැති ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ ජාතික ශික්‍ෂණ විද්‍යා ඩිප්ලෝමාලාභීන් වෙත ඩිප්ලෝමා ප්‍රදානය කිරීමේ උත්සවය අමතමිනි.

රුහුණු, නිල්වලා, පේරාදෙණිය, ඌව සහ රුවන්පුර යන ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයන්හි අධ්‍යයනය ලැබූ ඩිප්ලෝමාලාභීන් 2378 දෙනෙකු සඳහා අද ජාතික අධ්‍යාපන ඩිප්ලෝමා ප්‍රදානය කරනු ලැබූ අතර, මෙම වැඩසටහන අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත ජාතික අධ්‍යාපන ආයතනය විසින් සංවිධානය කර තිබිණි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා “ ප්‍රධානතම ප්‍රශ්නය වන්නේ අපේ පාසල් සිංහල, බෞද්ධ, දෙමළ, මුස්ලිම්, කතෝලික ආදී වශයෙන් තවදුරටත් ඉදිරියට ගෙන යනව ද, එසේත් නැතිනම් පොදු පාසල් ක්‍රමයක් ඇතිකරමින් ඉදිරියට යනවාද කියා බැලීමයි. මේ ප්‍රශ්නයට අපි විසදුමක් සොයා ගත යුතුයි. මේ අනුව ඉරිදා දහම් පාසල් හැර ආගමික පාසැල් සියල්ලම අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කිරීමට දැනටමත් අප තීරණය කර තිබෙනවා. එවකට සිටි අධ්‍යාපන ඇමැති නිශ්ශංක විජේරත්න මැතිතුමාත් මාත් පිරිවෙන් සියල්ල නීතියට යටත් කර පිරිවෙන් මණ්ඩලය යටතේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් පාලනය කළා.

මෙරට මද්‍රසා අධ්‍යාපනයට එවැනිම මණ්ඩලයක් ඇති කිරීමට මුස්ලිම් මන්ත්‍රීවරු සහ ඇමැතිවරු එකඟවී තිබෙනවා. එමෙන්ම මද්‍රසා අධ්‍යාපනය අධ්‍යාපන අමාත්‍යංශය යටතේ සිදු කිරීමට ද පියවර ගෙන තිබෙනවා. එමෙන්ම ජාතික අධ්‍යාපන ආයතනයත් මේ සමග සම්බන්ධ කළ යුතු බවට ඉල්ලීමක් තිබෙනවා. මේ අනුව ඉස්ලාම් ආගම් ඉගැන්වීමේදී එම වැඩකටයුතු සිදුවන්නේ ලංකාවේ විෂය මාලාවලට අනුවයි. මේ සම්බන්ධව ගනුලැබූ පළමු පියවර එයයි.

මෙරට ආරම්භ කරන විශ්වවිද්‍යාල හා පුද්ගලික උපාධි ප්‍රධානය කරන ආයතන සියල්ල එක ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක කළ යුතු බව අප ගත් දෙවැනි පියවරයි. සුදුසුකම් මත ඕනෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකට එම ආයතන වෙත ඇතුල්වී අධ්‍යාපනය ලැබීමේ අයිතිය තිබිය යුතුයි. මේ අනුව ෂරියා විශ්වවිද්‍යාල වැනි ආයතන ලංකාවේ ඇති කිරීමට අප ඉඩ දෙන්නේ නැහැ. ඒ සඳහා විශ්වවිද්‍යාල පනතේ 9(අ) කොටස සංශෝධනය කර ඊට අවශ්‍ය වන අනෙකුත් වගන්ති ඇතුළත් කිරීමට බලාපොරොත්තු වෙනවා. උසස් අධ්‍යාපන ඇමැතිතුමා සමග සහ නීතිපතිතුමා සමග මේ ගැන සාකච්ඡා කර තිබෙනවා. ඒ අනුව ඉදිරි සති දෙක තුන තුළ දී පළමුව මද්‍රසා අධ්‍යාපන කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම කෙටුම්පත ඉදිරිපත් කරන බව නීති සම්පාදක දෙපාර්තමේන්තුව හා නීතිපතිතුමා ප්‍රකාශ කර තිබෙනවා.

පාසල් අධ්‍යාපනය පොදු ක්‍රමයක් යටතේ ඉදිරියට ගෙන යෑම අපේ තුන්වැනි පියවරයි. ආගමික නායකයෙක්, ශාස්්තෘවරයෙක් වෙනුවෙන් පාසලක් නම් කළාට ප්‍රශ්නයක් නැහැ. නමුත් සිංහල, දෙමළ, බෞද්ධ, හින්දු, මුස්ලිම්, කතෝලික, ක්‍රිස්තියානි ලෙස නම් තබාගත යුතු ද කියන ප්‍රශ්නය මතුව තිබෙනවා. ඇත්ත වශයෙන්ම එම පාසල් පොදු පාසල් ලෙස සලකා වසරක් හෝ දෙකක් අදාළ පරිවර්තනය වීමට ලබාදිය යුතුයි.

එමෙන්ම හැම දරුවෙකුට පාසලකට ඇතුල්වීමේ අවස්ථාව තිබිය යුතුයි. ඒ අවස්ථාව තිබෙන්නේ නීතියෙන් පමණක් නොව හොඳ ගුරුවරු ලබාදීමෙන් ඇති කළ යුතුයි. ඇතැම් පාසල් ඒ ඒ ප්‍රදේශවල ජනගහනය නිසා එක් ජාතියකට සීමා විය හැකියි. නමුත් අප හැමවිටම උත්සාහ ගත යුත්තේ මිශ්‍ර පාසල් ගණනාවක් රට තුළ ඇති කිරීමටයි. එමෙන්ම අන්තර් පාසල් ක්‍රීඩාවලදී ද සියලූ ජාතීන් ඇතුළත් වන පරිදි මිශ්‍ර කර එම වැඩ කටයුතු කළ යුතුයි.

දිස්ත්‍රික් මට්ටමෙන් පාසල් කැඳවා කඳවුරු පැවැත්වීමත් මෙහිදී වැදගත් අංගයක් වෙනවා. මේ අනුව මෙම වෙනස ඇති කරන්නේ කෙසේද කියා අප සාකච්ඡා කළ යුතුයි. මේ සම්බන්ධව සාකච්ඡා කර මාසයකින් හෝ සති හයකින් වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන ඇමැති තුමාට දැනුම්දී තිබෙනවා.

එමෙන්ම ජාත්‍යන්තර පාසල් ද ලියාපදිංචි කර එහි විෂය මාලා පාලනය කිරීමේ බලය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත්කළ යුතුයි. මෙයින් අප අපේක්ෂා කරන්නේ පොදු ක්‍රමයක් ඇති කිරීමටයි. නමුත් එය නීතියෙන් පමණක් කරන්න බැහැ. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු, කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂවරු, විදුහල්පතිවරු හා ගුරුවරු පුහුණු කළ යුතුයි. මේ වැඩපිළිවෙල වැදගත්ම කොටස වන්නේ විදුහල්පතිවරු හා ගුරුවරුයි. ඒ වගේම අංශ ප්‍රධානීන් ඇතුළු සියලූ දෙනා මෙයට සම්බන්ධ කරගත යුතුයි. ඇතැම් අය මෙයට විරුද්ධ වේවි. තවත් සමහරු උද්ඝෝෂණ කරාවි. ඒ රටේ මතය ක්‍රියාත්මක කළ යුතුයි යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ආචාර්ය මාබුල්ගොඩ සුමනරතන ස්වාමීන් වහන්සේ, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන්, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එම්.එන්. රණසිංහ, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය ටී.ඒ.ආර්. ජයන්ති ගුණසේකර, ගුරු අධ්‍යාපන ප්‍රධාන කොමසාරිස් බී.ඩී.සී. බියන්විල යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ දේශපාලනඥයින් ඇතුළු විද්‍යාපීඨාධිපතිවරුන්, ගුරු භවතුන් සහ ඩිප්ලෝමා ලාභී ගුරුවරුන් විශාල පිරිසක් සහභාගීවී සිටියහ.

 

 

Post Views: 22
Previous Post

මේ තත්ත්වය නුපන් දරුවාටත් අනාගතයේදී ප්‍රශ්ණයක්- විපක්ෂනායක මහින්ද කියයි

Next Post

පාර්ලිමේන්තුවේදී දේශපාලන ගේම් එපා මන්ත්‍රී මනුෂ කියයි

editor

editor

Next Post

පාර්ලිමේන්තුවේදී දේශපාලන ගේම් එපා මන්ත්‍රී මනුෂ කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved