ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් මහත්මිය ඊයේ (06) හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙන බව ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මිය යන විට ඇය 67 වන වියේ පසුවූ අතර හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් දිල්ලියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බව ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කළේය.
ඉන්දිය අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි මහතා කියා සිටියේ නීතීඥවරියක වන ඇයගේ අභාවය ඉන්දීය දේශපාලනයට දැරිය නොහැකි පාඩුවක් බවයි.