27 April 2024
#සංවර්ධන

මෙරට විදුලි බලය ගැන රුසියාවේ අවධානය

ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය එල්.එන්.ජී. සහ ගල් අගුරු වෙත යොමුවී තිබිම රුසියාවේ ද යම් පෙළඹවීමක් ඇති කිරීම දෙරටටම වාසිදායක ක්‍රියාමාර්ගයක් වනු ඇති බව විශ්වාස කරන බව රුසියානු රජයේ තානාපති H.E. Yury Materiy මහතා පවසයි.

රුසියානු ශ්‍රී ලංකා ද්විපාර්ශවික සබදතා තහවුරු කිරීමේ අරමුණෙන්, රුසියානු රජයේ තානාපති H.E. Yury Materiy මහතා, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සමග සුහද හමුවක් පසුගියදා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවත්විණි.

එහිදී ශ්‍රී ලංකාවේ විදුලිබල උත්පාදනය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු විය. ශ්‍රී ලංකාව තුළ විදුලිය උත්පාදනය කිරීමේ සාම්ප්‍රදායික මෙන්ම ප්‍රධානතම මූලාශ්‍රය ජලය බවත්, එමගින් අවම මිලක් යටතේ පරිසර හානියක් නොමැතිව විදුලි පාරිභෝගික ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදිය හැකි නමුත්, පවතින ජල මූලාශ්‍ර සියල්ලම පාහේ මේ වනවිටත් විදුලි උත්පාදන කාර්යය සදහා යොදාගෙන ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය. ඒ අනුව දෛනිකව වර්ධනය වන විදුලි ඉල්ලුම සපුරාලීම පිණිස ගල් අගුරු, ස්වභාවික වායු වැනි මූලාශ්‍ර වෙත යොමු වු බවද රුසියානු තානාපතිවරයාට පැහැදිළි කළේය.

මේ වනවිට ශ්‍රී ලංකාව විදුලියනය අතින් ඉතාමත් ප්‍රශස්ථ මට්ටමකට පැමිණ සිටින බවත්, දෛනිකව වර්ධනය වන විදුලි ඉල්ලුම වෙනුවෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමට යෝජිත වායු බලාගාර පිළිබදවද අමාත්‍ය කරුණානායක මහතා තානාපතිවරයාට කරුණු පැහැදිළි කළේය.

ආසියානු කලාපීය රටවල් අතර විදුලි නිෂ්පාදනය සහ විදුලිබල සැපයුම තුළින් ශ්‍රී ලංකාව ප්‍රශංසනීය මට්ටමක පවතින බවත්, තවදුරටත් විදුලිබල ක්ෂේත්‍රය වර්ධනය කිරීම පිණිස අවශ්‍ය සහයෝගය ලබාදීමට රුසියානු රජය වෙනුවෙන් තමා එකගවන බවත් පැවසීය. ඒ අනුව ගල් අගුරු සහ ස්වභාවික වායු බලාගාර ස්ථාපිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට රුසියානු රජයේ මෙන්ම සමාගම් තුළ පෙළඹවීමක් ඇතිකිරීමට ක්‍රියා කරන බවද රුසියානු තානාපතිවරයා, අමාත්‍ය කරුණානායක මහතාට පැවසීය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *