• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එජාපයයි ශ්‍රී ලංකා පක්ෂයයි කවදාවත් පැහෙන්නේ නෑ – ඇමැති අමරවීර

31 January 2020
in දේශීය

එක්සත් ජාතික පක්ෂයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි කියන්නේ අහසයි පොළවයි වගේ බවත් එය කවදාවත් නොපෑහෙන පක්ෂ දෙකක් යැයි ප්‍රවාහන කළමනාකරණ, විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (30) ගැටමාන්න ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගි වෙමිනි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ දහම් පාසල් දරුවන්ට පාසල් උපකරණ ලබා දීම සඳහා අමාත්‍යවරයා පියවර ගෙන ඇති අතර එම වැඩ පිළිවෙලේ තවත් අදියරක් ඊයේ පැවැත්විනි.

එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා ” 2015 ජනාධිපතිවරණයේ දී අපි මෛත්‍රිපාල සිරිසේන මහත්තයාට සහාය දැක්වුයේ නැහැ. එතකොට අපේ පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ මහතායි. අපි එතුමා වෙනුවෙන් කැප වී මෛත්‍රිපාල සිරිසේන මහත්තයා පරාජය කරන්නට කටයුතු කළා. නමුත් අවාසනාවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ මැතිවරණෙන් පරාජයට පත් වුනා. ඊට පස්සේ අපේ පක්ෂ නායකයා වුනේ ජනාධිපති ලෙසින් තේරී පත් වූ මෛත්‍රිපාල සිරිසේන මහත්තයා.

එතුමා ඇතුලු පක්ෂය තින්දුවක් ගත්තා එක්සත් ජාතික පක්ෂය සමග එක් වි ජාතික ආණ්ඩුවක් හදන්නට. ඒක පක්ෂයේ තීරණයක් මිසක් පුද්ගලික තීරණ මත ගත්ත එකක් නොවෙයි. අපි දැනගෙන හිටියා රනිල් වික්‍රමසිංහ එක්කඅ පිට ගමනක් නෑ කියළා. නමුත් පක්ෂය වශයෙන් ගත්ත තීරණයකට එදා අපි හැමෝටම එකඟ වෙන්න සිදු වුනා. එක්සත් ජාතික පක්ෂය එක්ක ආණ්ඩු හදනවා කියන එක අපිට ගැලපෙන දෙයක් නොවුනත් අපි එදා පක්ෂය ගත්ත තීරණයට එකග වුනා. නමුත් කාලයක් යනකොට අපිට තේරුණා මේ ජාතික ආණ්ඩුව එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැවැත්මක් නෑ කියළා.

එක්සත් ජාතික පක්ෂය විසින් සිදු කළ මහබැංකුවේ බැඳුම්කර වංචාව ගැන මුලින්ම අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිලි කළේ මම . ඒ 2015 මාර්තු මස 09 වෙනිදා. එදා මම ඒ පැමිනිල්ල ඉදිරිපත් කරන කොට එහෙම දෙයත් වෙලා තියෙනවා කියළා සමහරු දන්නෙත් නෑ. මම දාපු පැමිණිල්ල ආවරණය කරන්න මාධ්‍ය දෙක තුනක් විතරක් ඇවිත් හිටියා. නමුත් දැන් මෙම කාරණය විශාල පිරිසක් එක්ක ඉදිරියට ගිහින් තියෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ නීතිවිරෝධී වැඩ නිසා තමයි 2018 ඔක්තෝබර් 26 වෙනිදා නැවතත් මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත් කළේ. ඒත් අධිකරණ තින්දුවක් මත නැවතත් රනිල් වික්‍රමසිංහට අගමැතිකම දෙන්න මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට සිද්ධ වුනා. නමුත් අපි තවදුරටත් ජාතික ආණ්ඩුවේ එල්ලිලා හිටියේ නෑ. අපි විපක්ෂයට ගියා. ඊට පස්සේ තමයි 2019 ජනාධිපතිවරණය ආවේ. ඒ වෙලාවේ අපි සියලු දෙනාම තීරණය කළේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජයග්‍රහණය කරවීම සඳහා සහයෝගය දිමටයි. ඒ අනුව තමයි අපි වැඩ කළේ. එහි ප්‍රතිපලයක් විදියට සජිත් පරාජයට පත් කරලා අති දැවැන්ත ජයග්‍රහණයක් ලබන්න ගෝඨාභය රාජපක්ෂ මහතාට පුලුවන් වුනා. හැටනවලක්ෂයක් මහජන ඡන්දයෙන් මේ රටේ ජනාධිපති ධුරයට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තේරී පත්වීම නිසා අද රටේ විශාල පිබිදීමක් ඇති වී තිබෙනවා. ඒක අපි හැමෝටම සතුටක්. නමුත් රටේ වර්තමානයේ තිබෙන ගැටළුවලට විසඳුම් ලබා දෙන්න නම් එතුමාට ශක්තිමත් රජයක අවශ්‍යතාවය තියෙනවා. .

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ට මේ රටේ ඉදිරි සංවර්ධන කටයුතු පවත්වාගෙන යාම සඳහා ශක්තිමත් රජයක් ලබා දීමට මේ වසරේ අප්‍රේල් මාසයට පෙර පැවැත්වෙන මහමැතිවරණයේ දී අපේ රටේ ජනතාවට හැකියාව ලැබි තිබෙනවා. විශේෂයෙන්ම මේ රට සංවර්ධනය කිරීමට නම් කැපවීම් කළ හැකි, මහන්සි නොබලා වැඩ කරන, මහජන මුදල් ගසා නොකන මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි.

එම වගකීම තිබෙන්නේ රටේ මහජනතාව අතේ. එමනිසා මේ රට වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩ ගැනීමට හැකි පිරිසක් ඉන්නවා. ඒ වගේම ඊට නායකත්වය දිය හැකි කැපවීම් කරන නායකයෙක් අපිට ඉන්නවා. ඒ නිසා අපිට බය නැතිව කියන්න පුලුවන් ඉදිරි කාලය තුළ මෙවර මහමැතිවරණය ජයග්‍රහණයෙන් පස්සේ රටේ සෞභාග්‍යමත් කාලය උදාවෙනවා යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

Post Views: 13
Previous Post

කොරෝනා වෛරසය හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

Next Post

නිදහස් උළෙල පුහුණු වීම නිසා 03 වනදා පාසල් 15 කට නිවාඩු දෙයි

editor

editor

Next Post

නිදහස් උළෙල පුහුණු වීම නිසා 03 වනදා පාසල් 15 කට නිවාඩු දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved