27 April 2024
#දේශීය

කොරෝනා වෛරසය හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

චීනයේ නව කොරෝනා වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍යය සංවිධානය පියවර ගෙන තිබේ.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ඊයේ පැවති හදිසි රැස්වීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම තීරණය ගෙන තිබේ. කොරෝනා වෛරසය වැළඳීමෙන් මරණයට පත් වූ සංඛ්‍යාව මේ වනවිට 213ක් දක්වා ඉහළ ගොස් තිබේ. ලොවපුරා වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව 9,700ක් ලෙස වාර්තා කරයි.

කොරෝනා වෛරසය හේතුවෙන් චීනයෙන් පරිබාහිරව ලෝකයේ සෙසු රටවල් මුහුණ පා ඇති තත්ත්වය සැළකිල්ලට මෙම ගෝලීය හදිසි තත්ත්වය ප්‍රකාශයට පත්කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් (Tedros Adhanom Ghebreyesus) පවසයි.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *