• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එදා සුබ අනාගතය ජනතාවට සැබෑ ලෙස උදාවී ඇත්තේ අදයි …… මුදල් අමාත්‍ය මංගල !

18 March 2019
in දේශීය

එදා වචනයට පමණක් සීමා වී තිබූ සුබ අනාගතය අද ජනතාවට සැබෑ ලෙස උදාවී ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. සංවේදී රජයක් ලෙස ජනතාවගේ සේම රටේ අනාගතය ද සුබවාදී කරවීම සඳහා වත්මන් රජය කැපවීමෙන් ක්‍රියාකරමින් සිටින බව හෙතෙම පෙන්වා දෙයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (17) මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යලයීය ශ්‍රවණාගාරයේ කාන්තා කටයුතු අමාත්‍යාංශය, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතක අධිකාරිය සහ ඩේවිඩ් පීරිස් සමාගම එක්ව සංවිධානය කළ කාර්මික පුහුණුව තුළින් කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ පුහුණුව නිම කළ කාන්තාවන්ට සහතික පත් ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.

අගෝස්තු මාසයේ මොණරාගල දී පැවැති එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ දී පුහුණුව සඳහා ලියාපදිංචි ව සාර්ථකව පාඨමාලාව නිම කළ කාන්තාවන් පිරිසක් ඇතුළු 64 දෙනෙකු මෙහි දී සහතික පත් ලබා ගත්හ. මෙම වැඩසටහන යටතේ මීට පෙර අනුරාධපුර, කිලිනොච්චිය ඇතුළු දිස්ත්‍රික්ක 6ක කාන්තාවන් 108 දෙනෙකු සාර්ථකව පුහුණුව අවසන් කර ඇති අතර ඔවුන්ගෙන් බහුතරයක් මේ වන විට ත්‍රිරෝද රථ අලුත්වැඩියා කිරීම ආශ්‍රිත රැකියාවල නිරතව සිටිති.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය “ලෝකයේ ප්‍රථම අගමැතිනිය බිහි කිරීමේ ගෞරවය ශ්‍රී ලංකාවට තිබුණත් අපි කාන්තාවන්ට සලකන්නෙ බොහෝ විට දෙවැනි පන්තියට දාල. පිරිමි කරන දේවල් ඔවුන්ට කරන්න බෑ කියල අපි හිතනවා. මම ගෙවුනු වසර 30 විවිධ අවස්ථාවල මේ ශ්‍රවණාගාරයට ඇවිල්ල කාන්තාවන්ට විවිධ දේවල් බෙදල දීල තියෙනවා. මහන මැෂින්, ගෘහ උපකරණ ඔවුන්ට බෙදල දෙනවා. ඒකෙන් කියන්නෙ තමුන් ඉන්න ඕනෙ කුස්සියේ කියන දේ තමයි. නමුත් අපි දන්නවා සමහර රටවල පොලිස්පතිනියො ඉන්නවා. ඒ නිසා ඉතාම පැහැදිලියි තව දුරටත් වෘත්තීන් සම්බන්ධයෙන් අපට කාන්තාවන්ට සීමාවන් පනවන්න හැකියාවක් නැති බව. දැන් ඔබ පුහුණුව ලබල තියෙනවා. නමුත් ව්‍යාවසායකයෙක් වෙන්න තව දෙයක් අවශ්‍යයි. ඒ තමයි මුදල්. ඒ පියවර සම්පූර්ණ කරන්න තමයි අපි එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ රජය මගින් පොලිය බහුතරයක් හෝ සම්පූර්ණයෙන් ම ගෙවන ණය ලබා දෙන්නෙ. රුපියල් ලක්ෂ 2 ඉඳල ලක්ෂ 7500 වෙනකං මේ යටතේ ණය ලබා දෙනවා. ඒ වගේ ම මේ ලබා ගන්නා ණය මුදල යොද වන්නේ කාන්තාවක් ව්‍යවසායකත්වය දරණ ව්‍යාපාරයක් වෙනුවෙන් නම් අදාළ පොලීය සහනයට තවත් 10%ක පොලී සහනාධාරයක් ලබා දෙන්න අපි කටයුතු කරනවා.

සාම්ප්‍රදායික බැංකු බොහෝ විට උත්සහ දරන්නේ ණය නොදෙන තැනට කටයුතු කරන්නයි. එහෙමත් නැත්තං තමන්ගේ සාම්ප්‍රදායික ගණුදෙනුකරුවන්ට ණය දෙන්නයි. ඒ නිසාම අපි බැංකුවලට උපදෙස් දීල තියෙනවා දෙන ණය මුදල්වලින් 60%ක් වත් අලුත් ව්‍යවසායකන්ට දෙන්න කියල. ඒ වගේ ම මේ ණය ගැනීමේ දී කිසියම් ගැටලුවක් තියෙනව නම් 1925 ඍජු දුරකතන අංකයට කතා කරල අප කියන්න. අපි ඒ ගැන සොයා බලන්නම්.

ඒ වගේ ම එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජංගම සේවය අපි ලබන සෙනසුරාදා වැලිගම දී ආරම්භ කරනවා. ණය ලබා දෙන්න අදාළ සියලුම රාජ්‍ය ආයතනවල නියෝජිතයන් එතනට එනවා. මේ වැඩසටහන අපි ශ්‍රී ලංකා පුරාම ක්‍රියාත්මක කරනවා. ව්‍යවසායකත්ව අදහස් තියෙන සියලු දෙනාට ම පුළුවන් එතන දි තමන්ගේ අවශ්‍යතාවට අනුව ණය මුදල් ලබා ගන්න අදාළ කටයුතු සිදු කරන්න.

අපි රජයක් විදියට ඔබට නිකං මොකුත් ම දෙන්නෙ නෑ. අපි දෙන්නේ නැගිටින්නට අවශ්‍ය අතහිත විතරයි. කෑම වේලක් දෙනවට වඩා කෙනෙකුට මාළුවෙක් අල්ල ගන්න බිලී පිත්තක් දෙන්න කියල කියමනක් තියෙනවා. සංවේදී රජයක් විදියට අපි ක්‍රියාත්මක කරන්නෙත් ඒ ආකාරයටයි. එදා සුබ අනාගතය කියන වචනය අහන්න ලැබුණ. අද තමයි සැබෑ ලෙසම ජනතාවට සුබ අනාගතය උදා වෙලා තියෙන්නෙ.” යැයි අමාත්‍යවරයා පැවසිය.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ, කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් දර්ශනා සේනානායක, ඩේවිඩ් පීරිස් සමාගමේ විධායක අධ්‍යක්ෂ ජයන්ත රත්නායක යන මහත්ම මහත්මීහු සහතිකපත් ලාභීහු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

 

Post Views: 9
Previous Post

හෝටල් සහ ආපන ශාලා සදහා නව නීති රීති ඇමැති රාජිත කියයි

Next Post

අල්ලස දූෂණය තුරන් කිරීමේ ජාතික ක්‍රියාකාරි සැලැස්ම අද එළිදැක්වයි

editor

editor

Next Post

අල්ලස දූෂණය තුරන් කිරීමේ ජාතික ක්‍රියාකාරි සැලැස්ම අද එළිදැක්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved