• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

කටුනායක ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු යළි ඇරඹේ

17 May 2020
in සංවර්ධන
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

කොවිඩ් 19 වසංගත තත්ත්වය  හේතුවෙන් අත් හිටුවා තිබු කටුනායක ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු යළි ආරම්භ කර  කඩිනමින් අවසන් කරන ලෙස අදාල කොන්ත්‍රාත්කරුවන්ට ඇමති ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් නිකුත්කර ඇත.

කටුනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ අරමුණින් පසුගිය කාලයේ ආරම්භ කෙරුණු සංවර්ධන ව්‍යාපෘති රැසක් අඩාළ වී තිබුණි. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් වීමෙන් පසු මෙම ව්‍යාපෘති යළි කඩිනම් කෙරිණ. 

එහෙත් කොවිඩ් 19 වසංගතය රට පුරා පැතිරයාමේ  අවදානමත් සමග ඇදිරිනීතිය පැනවීම වැනි සීමා හේතුවෙන් පසුගිය මාස 03 ක කාලය තුළ එහි ඉදිරි කීරීම් සිදු වූයේ නැත. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දා උපදෙස් දුන්නේ නතර වු සියලු සංවර්ධන කටයුතු  වහා අරඹන ලෙසයි. 

ඒ අනුව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කටුනායක ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු වහා නැවත අරඹන ලෙස ගුවන් තොටුපළ කළමණාකාරිත්වයට උපදෙස් දුන්නේය. 

එම ව්‍යාපෘති යළි ආරම්භ කෙරුණේ ඒ අනුවයි. 

විෂයභාර ඇමති ප්‍රසන්න රණතුංග මහතා පසුගිය දා (14) ගුවන් තොටුපළේ නැවත ආරම්භ කෙරුණ සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණය කළේය. මේ වන විට කටුනායක ගුවන් තොටුපළේ ප්‍රධාන ව්‍යාපෘති 02 ක් ක්‍රියාත්මක වේ. එක් ව්‍යාපෘතියක් වන්නේ නව ගුවන්යානා අංගනයක් ඉදි කිරීමයි. 

ජපන් යෙන් 1,152,273,761  හා ශ්‍රී ලංකා රුපියල් 4,456,377,248  මේ සදහා වෙන් කර තිබේ. මෙහි ඉදි කිරීම් 2017 දී ඇරඹුන අතර 2019 ඔක්තෝම්බර් මාසයේ දී අවසන් වීමට නියමිත ව තිබිණි. මීට අමතරව කටුනායක ගුවන් තොටුපළේ නව මගී පර්යන්තයක් ඉදි කීරිමට ද කටයුතු යොදා තිබේ. 

ජපන් යෙන් 41,553,891,286 හා ශ්‍රී ලංකා රුපියල් 35,135,843,333 වෙන් කර තිබේ. මෙහි ඉදිකිරිම් ආරම්භ කිරීම විවිධ හේතූන් මත ප්‍රමාද වී තිබු අතර වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මේ වන විට එහි ඉදිකිරීම් යළි ආරම්භ කර ඇත.

නිරීක්ෂණ චාරිකාවෙන් පසු ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙම කොන්ත්‍රාත්කරුවන්ට, උපදේශක ආයතන හා ගුවන් තොටුපළ බළධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වූයේ ය. 

එහි දී ඇමතිවරයා මෙම ව්‍යාපෘති වල ප්‍රගතිය විමසා බැලු අතර ඇතැම් ව්‍යාපෘති නිම කිරිමේ කාලය ඉකුත් වී තිබු බව මෙහිදි අනාවරණය විය. 

මෙම කොන්ත්‍රාත්කරුවන්ට අවස්ථා කීපයකදී ම ඊට අමතර කාලය ලබා දී ඇතැත් තවමත් එය අවසන් නොවීම පිළිබද ව දැඩි ලෙස කණස්සල්ල පළ කළ ඇමතිවරයා දැනට ලබා දී ඇති කාලය අවසන් වීමට පෙර ව්‍යාපෘතිය අවසන් කරන ලෙසද ඔවුන්ට උපදෙස් දුන්නේය. “මේ ආණ්ඩුව වැඩ කරන ආණ්ඩුවක්. 

වැඩ ප්‍රමාද කරන ආණ්ඩුවක් නෙමෙයි. ඒ නිසා නියමිත කාලයට වැඩ අවසන් කරන්න. එහෙම නොවුණොත් මා ඔබට එරෙහිව පියවර ගන්නවා”. ඇමතිවරයා ඔවුන්ට අනතුරු අගවමින් කීවේය.

අදාළ ඉදිකිරීම නිසි ලෙස සිදු කෙරෙන්නේදැ’යි නිරන්තර අධීක්ෂණයකට ලක් කිරීම සදහා ගුවන් තොටුපළ අභ්‍යන්තර කමිටුවක් පත් කරන ලෙසද ඇමතිවරයා ගුවන් තොටුපළ නිළධාරීන්ට උපදෙස් දුන්නේය.

Post Views: 38
Previous Post

අද විපක්‍ෂය සටන් පාඨ නැතිව අනාථ වෙලා – ජානිපෙ කියයි

Next Post

විදෙස්ගත ලාංකිකයන් 39000ක් යළි එන්න ඉල්ලයි

editor

editor

Next Post

විදෙස්ගත ලාංකිකයන් 39000ක් යළි එන්න ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙක්සිකෝවේ ප්‍රාන්ත ගණනාවක ආරක්ෂක ස්ථාන ඉලක්ක කර පාතාල ප්‍රහාර මාලාවක්

මෙක්සිකෝවේ ප්‍රාන්ත ගණනාවක ආරක්ෂක ස්ථාන ඉලක්ක කර පාතාල ප්‍රහාර මාලාවක්

1 September 2026
නෝර්වේ වැසියන්ගේ ගෞරවාදරය මැද VIII වන හකොන් රජු රාජකීය ධුරයේ වැඩ භාරගනී

නෝර්වේ වැසියන්ගේ ගෞරවාදරය මැද VIII වන හකොන් රජු රාජකීය ධුරයේ වැඩ භාරගනී

1 September 2026
දකුණේ පාතාලය රජකරන දෙහිබාලේ මල්ලිගේ බාල සහෝදරයා කළු මල්ලි ඩුබායිහිදී අත්අඩංගුවට

දකුණේ පාතාලය රජකරන දෙහිබාලේ මල්ලිගේ බාල සහෝදරයා කළු මල්ලි ඩුබායිහිදී අත්අඩංගුවට

1 September 2026
යුක්‍රේනයේ ඔඩෙසා වරාය සහ රුමේනියානු දේශසීමා පර්යන්තයට රුසියාවෙන් දැවැන්ත ගුවන් ප්‍රහාර

යුක්‍රේනයේ ඔඩෙසා වරාය සහ රුමේනියානු දේශසීමා පර්යන්තයට රුසියාවෙන් දැවැන්ත ගුවන් ප්‍රහාර

1 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පමුණුගමදී රළ පහරට හසුවූ දරුවන් තිදෙනාගේ සහ මවගේ සිරුරු සොයාගැනේ

පමුණුගමදී රළ පහරට හසුවූ දරුවන් තිදෙනාගේ සහ මවගේ සිරුරු සොයාගැනේ

31 August 2026
හෝර්ටන් තැන්නේ  පාරිසරික ආරක්ෂාවට  දිනපතා ඇතුළු වන සංචාරකයින් ගණන  සීමා කෙරෙයි

හෝර්ටන් තැන්නේ පාරිසරික ආරක්ෂාවට දිනපතා ඇතුළු වන සංචාරකයින් ගණන සීමා කෙරෙයි

31 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved