26 July 2024
#දේශීය

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය ජනපති නිරීක්ෂණ චාරිකාවක

පසුගියදා බෝම්බ ප්‍රහාරයට ලක් වූ මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ කටයුතු සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23) උදෑසන එම දේවස්ථානය වෙත ගියේය.

මීසම් සේවක පියතුමන් වන ගරු ශ්‍රිලාල් ෆොන්සේකා පියතුමා හමු වූ ජනාධිපතිවරයා ප්‍රදේශයේ සමස්ත කිතුනු බැතිමතුන් වෙනුවෙන් තම බලවත් කනගාටුව සහ සංවේගය උන්වහන්සේ වෙත පිරිනැමීය.

එමෙන්ම දේවස්ථානයේ නැවත ඉදිකිරීම් කටයුතු ද සොයා බැලූ ජනාධිපතිවරයා එම ඉදිකිරීම් හැකි ඉක්මනින් නිම කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාවට තමන් උපදෙස් ලබා දී ඇති බව සඳහන් කළේය.

එමෙන්ම ජනාධිපතිවරයා මෙහි දී සඳහන් කළේ මෙවැනි ම්ලේච්ඡ ක්‍රියා යළි රට තුළ සිදුවීමට ඉඩ නොතබා ඒ වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම රජය මේ වන විට ගෙන තිබෙන බවයි.

මෙම ඛේදජනක සිදුවීමෙන් අනතුරට පත්වූවන් වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ ජනාධිපතිවරයා විපතට පත් සියලු ජනතාව වෙනුවෙන් උපරිම සහන සැලසීමට රජය පියවර ගෙන තිබෙන බව ද කියා සිටියේය.

සහයක මීසම් සේවක ගරු රවීන් සඳසිරි පෙරේරා පියතුමා ඇතුථ පියතුමන්ලා මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *