• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කුරිරු බලවේග මුලිනුපුටා දැමීමට එකම ජාතියක් ලෙස එක්වන්න – කථානායක

23 April 2019
in දේශීය

පසුගිය 21 වනදා දිවයින පුරා ඇති වු ඛේදනීය සිදුවීම සිදු කළ කුරිරු බලවේග අපගේ මාතෘභූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස එක්සත්ව ගතහැකි උපරිම සහ දැඩි පියවර ගැනීමට නොපසුබට විය යුතු බවට අවධාරණය කළ යුතු බව කථානායක කරු ජයසුරිය මහතා පවසයි.

කථානායකවරයා විසින් අද (23) දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ පසුගිය අප්‍රේල් 21දින පෙරවරුවෙහි රටේ වැදගත් පූජනීය ස්ථාන 03 ක් ඇතුළුව ස්ථාන 08 ක සිදු වු ම්ලේච්ඡ ප්‍රහාරය ශීලාචාර ලෝකයේ කිසිවෙකු විසින් අනුමත නොකරන මනුෂ්‍යත්වයට එරෙහි කුරිරු අපරාධයක් ලෙස පිළිකුලෙන් යුතුව හෙළා දකින බවයි.

මෙම විපත නිසා සිය වටිනා ජීවිත අහිමි වූ සමස්ත ශ්‍රී ලාංකිකයන් හා විදේශිකයන් ‍වෙනුවෙනුත්, ස්වකීය සමීපතමයන් අහිමිවීම තුළ අපමණ සංතාපයට පත්ව සිටින සියළු දෙනා වෙනුවෙනුත් හද පත්ලෙන්ම නැගෙන බලවත් ශෝකය පළකර සිටින අතර, මෙම අවාසනාවන්ත සිදුවීමෙන් තුවාල ලැබූ සියළුදෙනා වෙතද ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව ද කථායකවරයා පැවසිය

මෙවන් තත්වයක් යළි ඇති නොවීම සඳහා මෙන්ම එම සිදුවීම පසුබිමෙහි වන කුරිරු බලවේග අපගේ මාතෘභූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස එක්සත්ව ගතහැකි උපරිම සහ දැඩි පියවර ගැනීමට නොපසුබට විය යුතු බවට අවධාරණය කරන බව හෙතෙම පැවසිය.

මෙය එක් ජාතියකට හෝ ආගමකට එරෙහි ප්‍රහාරයක් නොව අපගේ මාතෘ භූමියටත් සමස්ථ ජනතාවගේම සමගිය හා සහජීවනයටත් එරෙහිව එල්ල වූ ප්‍රහාරයකි. එය පටු ජාතිවාදී හෝ ආගම්වාදී කෝණයකින් විග්‍රහ නොකර අවබෝධයෙන් යුතුව මුහුණ දෙමින් සාමය සමගිය ආරක්ෂා කල ජනතාවට ගෞරවය පුද කරන බව ඔහු අනාවරණ කළේය.

මෙම විපත්දායක මොහොතේ දිවි පරදුවට තබමින් ස්වකීය රාජකාරිය ඉටු කල ත්‍රිවිධ හමුදා හා පොලිස් නිළධාරින්ට ද සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන්ට ද අපගේ ආචාරය පුද කරන අතර, එහි දී ස්වකීය ජිවිත පූජා කල පොලිස් නිළධාරීන්ගේ ජ්‍යෙෂ්ඨ කැපවීම ද ගෞරවයෙන් සිහිපත් කරන බව කථානායක කරු ජයසුරිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

Post Views: 8
Previous Post

මිය ගිය අයගේ මෘත ශරීර හදුනා ගැනීමට පැමිණෙන්න

Next Post

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය ජනපති නිරීක්ෂණ චාරිකාවක

editor

editor

Next Post

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය ජනපති නිරීක්ෂණ චාරිකාවක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved