• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කවුරු බලයට ආවත් වැඩ කරන්න ඕන සමඟියෙන් – ඇමති රිෂාඩ් ඛනිජවැලි සේවකයින්ගෙන් ඉල්ලයි

8 April 2019
in දේශීය

තමන් රාජකාරී කරන ස්ථානය දේශපාලන කටයුතු සඳහා භාවිතා නොකරන ලෙසත් මේ ස්ථානයට ආවම තමන්ගේ ආගම, ජාතිය, පක්ෂය, අමතක කරන්න ලෙසත් එක පවුලක් වගේ සහෝදරත්වයෙන් තමන් කරන කාර්යය වැටුපට සරිලන ආකාරයට ඉටු කිරීමට අදිටන් කරගත යුතු බව කර්මාන්ත හා වාණිජ කටයුතු,දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචිකිරීම,සමූපකාර සංවර්ධන සහ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මේ බව පැවසුවේ අද (08) පුල්මුඩේ ඛනිජවැලි සමාගමේ සේවකයින්ට වාර්ෂික ප්‍රසාද දීමනා ලබාදීමේ අවස්ථාවට සහභාගී වෙමින්.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ අදහස් දක්වා සිටියේය ” පසුගිය දින කිහිපයේ ඛණිජ වැලි සමාගමේ වෘත්තීය සමිති කිහිපයක් වැඩ වර්ජනයක් දියත් කර තිබුණා. ඒ වෘත්තීය ක්‍රියා මාර්ගය සාධාරණදැයි ප්‍රශ්නයක් තියෙනවා. එතනදී සාමාන්‍ය පරිදි රැකියා කළ සේවකයිනුත් ඔවුන්ගේ වැඩ සඳහා සහභාගී කරවා ගෙන තිබුණා. ඔබට යම් ඉල්ලීමක්, අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ ආයතනයේ පාලනාධිකාරියට, සභාපතිවරියට දැනුම් දෙන්න. ඔබගේ ගැටලුවලට සවන් දීමට මමත් නිරතුරුව සූදානමින් ඉන්නවා. වෘත්තීය සමිති ක්‍රියා මාර්ගවලට යන්න කලින් ඔවුන්ගේ ඉල්ලීම් අපට ලබාදෙන්න තිබුණා. ඛණිජවැලි සමාගමේ සේවකයින්ට රුපියල් ලක්ෂයක ප්‍රසාද දීමනාවක් ලබා දීමට අපට හැකි වෙලා තියෙනවා. අපි සේවකයින් ගැන හිතලා මේ ප්‍රසාද දීමනාව දෙන්න කටයුතු කළා. නමුත් මගේ හිතේ තිබුණා ඔබ වෙනුවෙන් රුපියල් එක් ලක්ෂ විසි පන්දහසක්වත් දෙන්න පුලුවන් නම් හොඳයි කියලා.ඒත් මේ වෘත්තීය සමිති කටයුතු නිසා එම මුදල ලබාදීම මගහැරී ගියා.

පුල්මුඩේ ඛණිජ වැලි සමාගම, විදේශ රටවලට විකුණන්න යන බවට අසත්‍ය කතාවක් සමාජ මාධ්‍ය වල පළ වෙනවා. එම ප්‍රචාර වල කිසිදු සත්‍යතාවයක් නැහැ. පුල්මුඬේ ඛණිජ වැලි කියන්නේ රටේ සම්පතක්. රිෂාඩ් බදියුදීන් විෂය බාර ඇමතිතුමා ඉන්න තෙක් පුල්මුඬේ ඛණිජවැලි සමාගම කිසිවෙකුට විකුණන්නේ නෑ කියලා මම පොරොන්දු වෙනවා. පසුගිය දිනවල මෙහි ගොඩගසා තිබෙන වැලි සොරකම් කරනවා කියලත් අපට පැමිනිලි ආවා.ඒ නිසා මේ ඉඩම ආරක්ෂාකරන්න අපේ ආයතනය කටයුතු කලා.මේ අවස්ථාවේදී නොයෙක් ප්‍රශ්න ඇතිවුනා.මේ වගේ අවස්ථාවක ප්‍රදේශවාසීන් සමග ගැටලු ඇතිනොකර කටයුතු කිරීමට මෙහි කාර්යය මණ්ඩලය කටයුතු කල යුතුව තිබුනා .මොකද මෙහි සේවය කරන බොහෝ පිරිසක් මේ ප්‍රෙද්ශවලම පදිංචිකරුවන්.ඔවුන්ට මේ ගැටලුව ගැටුමකින් තොරව විසඳාගන්න පුලුවන් කම තිබුනා කියන එකයි මගේ හැඟීම.

රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇතිවී තිබූ පසුගිය දින පනස් දෙකක කාලය තුළ මෙම ස්ථානයේ දේශපාලනය ක්‍රියාත්මක වෙලා තිබෙනවා.රනිල් වික්‍රමසිංහ ,සජිත් ප්‍රේමදාස ,මහින්ද රාජපක්ෂ ,බැසිල් රාජ පක්ෂ කවුරු බලයට ආවත් ඔබ සැම කටයුතු කල යුත්තේ ඔවුන්ගේ න්‍යාය පත්‍රවලට නෙවෙයි.ඔබ සියලු දෙනා ,දේශපාලන පක්ෂ ,ආගම් ,ජාති බේද මේ ආයතනය තුලදී අමතක කලයුතුයි.මෙතනදී හැම දෙනාම එකාවන්ව කටයුතු කරන්න හිතට ගන්න ඕන එහෙම වුනොත් අපිට මේ රටේ සංවර්ධනය වේගවත් කල හැකියි. යැයි අමාත්‍යවරයා පැවසිය.

මෙම අවස්තාවට පුල්මුඩේ ඛනිජවැලි සමාගමේ සභාපතිනී ඉන්දිකා රණතුංග ,වැඩබලන අධ්‍යක්ෂ අබ්දුල් රසාක් ඇතුලු නිළධාරීන් පිරිසක් හා ඛනිජවැලි සමාගමේ සේවක පිරිසක්ද සහභාගීවිය

 

Post Views: 8
Previous Post

අපි පැල වෙන මුල්ගල් තියන්නේ නැහැ – ඇමැතිනි තලතා කියයි !

Next Post

ගෘහස්ථ විදුලි බිල වැඩි කරන්නේ නෑ – විදුලි ඇමැති කියයි

editor

editor

Next Post

ගෘහස්ථ විදුලි බිල වැඩි කරන්නේ නෑ - විදුලි ඇමැති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved