27 April 2024
#සංවර්ධන

අපි පැල වෙන මුල්ගල් තියන්නේ නැහැ – ඇමැතිනි තලතා කියයි !

එක්සත් ජාතික පක්ෂය පැලවෙන්න මුල්ගල් නොතියන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි. අමාත්‍යවරිය මේ බව පැවසුවේ රුපියල් මිලියන 545 ක වියදමකින් ඉදි කිරීමට නියමිත රත්නපුර කලවාන රෝහලේ නව සිවු මහළ් ගොඩනැගිල්ල සදහා මුල්ගල තැබීමේ අවස්ථාවට පසුගිය 06 වනදා එක්වෙමින්.

එහිදී තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරිය ” ඉතිහාසයේ බෙහෙත් මිළ අඩු කිරීම ගැන කවුරුත් කථා කළේ නැහැ .විවේචන නම් කරනවා.අද මහරගම අපේක්ෂා රෝහලට ගියහම රෝගියෙකුට රුපියල් ලක්ෂ 150 ක් වුණත් වැය කරනවා.එහෙම වැඩ කරන කොට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ ආණ්ඩුවේ කකුලෙන් අදින්න කටයුතු කරනවා .තවත් ඉන්නවා ස්වාමීන් වහන්සේලා හෙද සංගමයක් කියලා.කොහොමද හිර කර ගෙන ඉන්නේ කියලා බලා ගෙන .අපි කල්පනා කරන්න ඕන අපි හැමෝටම එක හිතකින් වැඩ කරන්න ඇයි බැරි.මේවාගෙන් තැලෙන්නේ අහිංසක මිනිස්සු කියලා අපි හිතන්න ඕන.අපේ රජය පැල වෙන මුල්ගල් තියන්නේ නැහැ.එක්සත් ජාතික පක්ෂය පැලවෙන්න මුල්ගල් තියලත් නැහැ යැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළාය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න කලවාන එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක සරත්චන්ද්‍ර රාමනායක සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කපිල කන්නන්ගර යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *