• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ක්ෂුද්‍ර මූල්‍ය ණය, ගොවි ණය ඇතුළු ණය වර්ග රැසක් කපා හැරීමට පියවර – රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

2 December 2019
in දේශීය

මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වර්තමානයේ මුහුණ දී සිටින පීඩාකාරී තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා කඩිනම් සහන ලබා දෙන බව සංවර්ධන බැංකු හා ණය යෝජනා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

සිය දේපල අහිමි වීම දක්වා දුර දිග ගොස් ඇති මෙම ගැටලු සඳහා විසඳුම් ලබා දීමට අවශ්‍ය මූලික සාකච්ඡා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය සහ පෞද්ගලික බැංකු සමග පැවැත් වූ බව ද අමාත්‍යවරයා කියා සිටියි.

අදාළ බැංකු මගින් ඒ පිළිබඳ වාර්තා ලද විගස ඉදිරි සතියක පමණ කාලය තුළ මෙම සහන ලබා දීමට සූදානම් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (02) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේ දී වැඩ භාර ගනිමින් ශෙහාන් සේමසිංහ අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක් වු රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා “අපි දුටුවා මීට පෙර පැවැති රජය අසාර්ථක වීමට ප්‍රධානතම හේතුව වුණේ නිසි වැඩපිළවෙළක් නොමැති වීම. නමුත් අපි බලයට පත් වුණේ ඉතා පැහැදිලිව අපි කරන්නෙ මොකක් ද කියල ප්‍රතිපත්ති ප්‍රකාශයක් ජනතාවට ඉදිරිපත් කරල. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව තමයි අපි කටයුතු කරන්නෙ. ඒ වගේ ම ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු අපි සියලු දෙනා මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති සියලුම පොරොන්දු වර්ෂ පහක කාලය තුළ ඒ ආකාරයෙන් ම ඉටු කරන්න බැඳිල ඉන්නවා. ඒ වෙනුවෙන් අපට ඉතිහාසයේ සුවිශේෂ ජනවරමක් ලැබිල තියෙනවා. ඒ වගේ ම සුවිශේෂී නායකත්වයක් ලැබිල තියෙනවා. අපි අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහ බැංකුව, රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ප්‍රධානීන් සමග විශේෂ සාකච්ඡාවක් පසුගිය දා පැවැත්වුවා. එහි අරමුණ වුණේ ඉදිරි ආයෝජන අවස්ථා සකස් කර ගැනීම සඳහා එම බැංකුවල පවතින ආර්ථික තත්ත්වය සොයා බැලීමයි. ඒ අනුව ඔවුන් ඉදිරි සතිය තුළ වාර්තාවක් ලබා දෙයි. විශේෂයෙන් ම අද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ඉඳල මහා පරිමාණ ව්‍යාපාරිකයන් දක්වා ඇති වෙලා තියෙන පීඩනය සැහැල්ලු කරන්න අවශ්‍ය මොනවද කියල අපි එම බැංකුවලින් වාර්තාවක් ඉල්ලල තියෙනවා. ණය තොරතුරු කාර්යාංශය මගින් ඇතැම් ව්‍යාපාරිකයන් අසාදු ලේඛන ගත කරල තියෙනවා. ව්‍යාපාරිකයන්ට තමන්ගෙ දේපොළ අහිමිවීමේ අවධානමක් තියෙනවා. සතියක වගේ කාලයක් ඇතුළත පෙර කී වාර්තා ලැබුණු වහාම අපි මේ ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සහන ලබා දෙන්න කටයුතු කරනවා.

ඒ වගේම 2014 ඉඳල 2019 දක්වා කාලය තුළ බදු දෙගුණ වෙලා තියෙනවා. එහෙම කරල ලබා ගත්ත බදු මුදලත් හරියට ජනතාව සේවය වෙනුවෙන් ගලාගෙන ගියේ නෑ. වංචා දූෂණ නිසා ඒක අපට අහිමි වෙලා ගියා. අපි පළමු පියවර විදියට බදු බර අඩු කළා. ඒ අඩු කිරීම් නිසා අහිමි වෙන ආදායම ලබා ගැනීමේ පියවරක් විදියට රජයේ වියදම් අඩු කිරීමට අපි පියවර අරගෙන තියෙනවා.
අපි සියලුම ව්‍යවසායකයන්ට ආරාධනා කරනවා ඔබේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න. අපට ඉදිරියේ දී ආයෝජන අවස්ථා රැසක් ලැබෙයි. දේශීය වගේ ම විදේශීය ආයෝජකයන්ට දිරි දෙන ආකාරයේ ආයෝජන ප්‍රතිපත්ති අපි හඳුන්වා දීල තියෙනවා.

විවිධ මූල්‍ය ආයතන කඩා වැටීම් වගේම ඇතැම් මූල්‍ය ආයතනවල අයථා කටයුතු හේතුවෙන් පීඩාවට වගේම මුලාවට පත් වුණ ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් අපි දන්නවා. ඔවුන් සමග සාකච්ඡා කරල රටේ ආර්ථිකයටත් හානි නොවෙන, ගනුදෙනුකරුවන්ටත් හානියක් නොවන ආකාරයෙන් එම ගැටලුව විසඳන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ අයථා ලෙස කටයුතු කර ඇති මූල්‍ය ආයතන හා හිමිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න හැකි ආකාරයේ වටපිටාවක් සකස් කිරීමටත් අපි කටයුතු කරනවා.

2014 වෙද්දි 6.8% තිබුණ ආර්ථික වර්ධන වේගය අද වෙන විට 1.6%ට අඩු වෙලා තියෙනවා. ආයෝජකයන් අධෛර්යමත් වෙලා තියෙනවා. මේ ආර්ථිකය අපි ප්‍රකෘතිමත් කළ යුතුයි. විශේෂයෙන් ම ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම පළමු කටයුත්තයි. ආරක්ෂාව තහවුරු කළාට මදි ආරක්ෂාව තහවුරු වී ඇති බව ජනතාවට ඒත්තු ගැන්වෙන්න ඕනෙ. ආරක්ෂාව පිළිබඳ ගැටලුවට ස්ථිර විසඳුමක් ලැබුණට පස්සෙ තමයි ආයෝජනයට සුදුසු පරිසරයක් නිර්මාණය වෙන්නෙ. ඊට පස්සෙ තමයි ආර්ථික ගැටලුව විසඳන්න ඕනෙ. මේ ගැටලු දෙක තමයි අපේ රජයක් විදියට ප්‍රමුඛතාවයෙන් විසඳන්න බලාපොරොත්තු වෙන්නෙ.

ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ වේදිකාවෙදි පොරොන්දුවක් ලබා දුන්නා. ඒක ප්‍රතිපත්ති ප්‍රකාශයටත් ඇතුළත් කරල තියෙනවා. ඒ නිසා ක්ෂුද්‍ර මූල්‍ය ණය විතරක් නෙවෙයි ගොවි ණය ඇතුළු ණය වර්ග කපා හැරීම සම්බන්ධයෙනුත් අපි කටයුතු කරනවා. මම මුලින් කියපු බැංකු වාර්තා ලැබුණට පස්සෙ ඒ පිළිබඳ අපි ඉදිරි පියවර ගන්නවා.”

මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, නියෝජ්‍ය ලේකම්වරු, අධ්‍යක්ෂ ජනරාල්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක් වූහ.

 

දිලිනි සමන්මලි 

Post Views: 13
Previous Post

රු.බි 90 ක LNG ගනුදෙනුව ගැන වාර්තාවක් ඇමැති මහින්ද ඉල්ලයි

Next Post

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

editor

editor

Next Post

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved