• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රු.බි 90 ක LNG ගනුදෙනුව ගැන වාර්තාවක් ඇමැති මහින්ද ඉල්ලයි

2 December 2019
in දේශීය

රු. බිලියන 90 කට අධික මුදලක් රජයට අහිමි කර ඇතැයි පැවසෙන එල්.එන්.ජී. ගනුදෙනුව සම්බන්ධව වහාම තමන්ට වාර්තාවක් ලබාදෙන්නැයි මගී ප්‍රවාහන කලමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ අද (02) පෙරවරුවේ ඛනිජතෙල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පසුගිය රජය යටතේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ එල්.එන්.ජී. (ස්වභාවික ද්‍රව වායු) ව්‍යාපෘතිය පිළිබදව සාකච්ඡාවකදිය.

මගී ප්‍රවාහන කලමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී හෙළිදරව් වූ කරුණු අනුව 63% රජයේ අයිතිය සහිත සමාගමකට එම කොන්ත්‍රාත්තුව බාර නොදී, චීන සමාගමකට අදාළ කොන්ත්‍රාත්තුව ලබාදීම මගින් ශ්‍රී ලංකා රජයට මේ වනවිට රු. බිලියන 90 කට අධික මුදලක් අහිමිවී ඇතැයි අනාවරණය විය. මෙම එල්.එන්.ජී. ටෙන්ඩරය සදහා දේශීය සමාගමක් විසින් වැඩිම පිරිවිතරයන් ඉදිරිපත් කර තිබියදීත්, විදුලිබල අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ වුවමානවට එම ටෙන්ඩරය අඩු මුදලක් සහිත පිරිවිතරයන් ඉදිරිපත් කර තිබූ චීන සමාගමකට ලබාදීමට අනුමැතිය ලබාදී තිබේ.

අද දින පැවති සාකච්ඡාවට අදාළ දේශීය සමාගමේ නියෝජිතයන් මෙන්ම විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්ද සහභාගී වී සිටියහ.

එහිදී මෙම ගනුදෙනුව සම්බන්ධව තමන්ට සවිස්තර වාර්තාවක් වහාම ලබාදෙන ලෙසත්, මේ සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කිරීමට මෙම මස 05 වන බ්‍රහස්පතින්දා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කරන බවත්, අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම සාකච්ඡාවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වි සිටියහ.

Post Views: 47
Previous Post

පාර්ලිමේන්තුවට එන හිටපු ජනපති !

Next Post

ක්ෂුද්‍ර මූල්‍ය ණය, ගොවි ණය ඇතුළු ණය වර්ග රැසක් කපා හැරීමට පියවර – රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

editor

editor

Next Post

ක්ෂුද්‍ර මූල්‍ය ණය, ගොවි ණය ඇතුළු ණය වර්ග රැසක් කපා හැරීමට පියවර - රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved