• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යායතනය විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමේ සමාරම්භය ජනපති ප්‍රධානත්වයෙන්

5 March 2021
in දේශීය

ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යායතනය විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමේ සමාරම්භක උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණ.

ආයුර්වේද විද්‍යාව හදාරණ සිසුනට ආයුර්වේද ක්‍රමය න්‍යයාත්මකව හා ප්‍රායෝගිකව ඉගැන්වීමේ අරමුණින් ආයුර්වේද චක්‍රවර්ති පණ්ඩිත ජී.පී. වික්‍රමාරච්චි මහතා විසින් 1929 වසරේදී ගම්පහ සිද්ධායුර්වේද විද්‍යාලය පිහිටවනු ලැබීය. ප්‍රථම ශිෂ්‍ය කණ්ඩායමට 20 දෙනෙක් අයත් වූහ.

වික්‍රමාරච්චි වෛද්‍ය විද්‍යායතය 1995 වසරේදී කැලනිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ විශ්ව විද්‍යාල ආයතනයක තත්ත්වයට උසස් කරනු ලැබීය.

දකුණු ආසියානු කලාපයේ දේශීය වෛද්‍ය අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 2021 මාර්තු 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි “ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලය, ශ්‍රි ලංකාව” යන නාමය යටතේ ස්ථාපනය කර තිබේ.

මෙය ශ්‍රී ලංකාවේ 16 වැනි විශ්ව විද්‍යාලයයි. ඊට එක් කර ඇති නව උපාධි පාඨාමාලා සංඛ්‍යාව 07කි. කණ්ඩායමකට සිසුන් 50 දෙනෙක් බැගින් 2021 වසර සඳහා සිසුහු 350 දෙනෙක් ඇතුළත් කර ගැනෙති. 2020 වසරේ පැවති අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත බඳවා ගැනීම් සිදු කෙරේ.

විශ්ව විද්‍යාල වෙබ් අඩවිය සක්‍රීය කළ ජනාධිපතිතුමා විශ්ව විද්‍යාල අමුත්තන්ගේ පොතෙහි අත්සන් තැබීය.

නිල ලාංඡනය, ධජය සහ ගීතය එළිදැක්වීම ද ඊට සමගාමීව සිදු කෙරිණ.

ජනාධිපතිවරයා විශ්ව විද්‍යාලයේ ප්‍රථම කුලපති මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නා හිමියන්ට විජිණිපත පිළිගැන්වීය.

ජනාධිපතිවරයා විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලය සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය.

විශ්ව විද්‍යාලයේ උපකුලපතිනි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ මහත්මිය ජනාධිපතිතුමාට, අගමැතිතුමාට සහ අධ්‍යාපන අමාත්‍යවරයාට සමරු සිහිවටන පිළිගැන්වූවාය.

මහා සංඝරත්නය, සෙසු ආගමික පූජකවරු, අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, අමාත්‍ය සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍යවරුන් වන සීතා අරඹේපොළ, ලසන්ත අලගියවන්න, සිසිර ජයකොඩි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරු සහ විශ්ව විද්‍යාල කුලපතිවරු, උපකුලපතිවරු, ආචාර්යවරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

Post Views: 30
Previous Post

පාස්කු වාර්තාව ලබන 10 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට

Next Post

සෞභාග්‍යා සතියට සමගාමීව නිෂ්පාදන ගම්මාන 500ක් බිහි කිරීම ආරම්භ වෙයි

editor

editor

Next Post

සෞභාග්‍යා සතියට සමගාමීව නිෂ්පාදන ගම්මාන 500ක් බිහි කිරීම ආරම්භ වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved