27 July 2024
#දේශීය

ජනපති චීනයට – රුවන්ට වැඩබලන ආරක්ෂක ඇමැති ධුරය

චීනයේ පැවැත්වෙන ආසියානු ශිෂ්ටාචාරික සංවාදය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ එල් 302 දරණ යානයෙන් පෙරවරු 7.35 ට පමණ ජනාධිපතිවරයා ඇතුලු 27 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිස පිටත්ව ගොස් ඇත. ජනාධිපතිවරයා නැවත දිවයිනට පැමිණෙන තුරු වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය හා කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *