• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනමාධ්‍ය … දේශපාලන ගේම්… ජනපති – අගමැති ගැටුම….. !

10 September 2019
in දේශීය

පවතින දේශපාලන අර්බුධ හමුවේ මේ වන විට රටේ සිදුවන්නේ කුමක්ද? මැතිවරණ වකවානුවක් පවතින අවස්ථාවකදී දේශපාලන වශයෙන් පිල් බෙදීම් පිල් මාරු වීම් වැඩි වශයෙන් දැකිය හැකිය.

කෙසේ වෙතත් 2015 වසරෙන් පසුව පවතින දේශපාලන අර්බුධයන් හමුවේ මාධ්‍ය ආයතනවලට නම් සිදු වී ඇත්තේ ලාභ ලැබු සියළු ආයතන පාඩු ලබමින් සේවකයින්ට පවා රැකියා අහිමි වන අවස්ථාව මෙන්ම ජනමාධ්‍ය ආයතන විශාල සංඛ්‍යාවක් වසා දැමීමට සිදු වු වකවානුවක් බව කිව යුතුව ඇත.

මේ වන විට ද රටේ පිළිගැනීමක් ඇති ජනමාධ්‍ය ආයතනයක් වන රුපවාහිනි මාධ්‍ය ආයතනයේ සිදුවන්නට ඉඩ ඇත්තේ ද මෙය බව වාර්තා වේ. 2015 යහපාලන ආණ්ඩුව බලය පැමිණි පසු ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ගයන්ත කරුණාතිලක මහතා ද නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කරුණාරත්ත පරණවිතාන මහතා ද පත් කරනු ලැබිය. පසුව මංගල සමරවීර අමාත්‍යවරයා ද පත් කරනු ලැබුවේ. මේ වන විට කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත්ව සිටින්නේ රුවන් විජේවර්ධන මහතාය. ඒ අනුව මෙහිදී ජනමාධ්‍ය අමාත්‍යංශයේ බලය ඇත්තේ ජනාධිපතිවරයා යටතේය.

පසුදින රාත්‍රියේදී මෙම ජනමාධ්‍ය අමාත්‍යංශයේ උඩු යටිකරු වීමට සිදුවීමක් සිදුවිය. ඒ මංගල සමරවීර ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවස්ථාවේදී කාන්තා බලය වැඩි කිරීමේ අරමුණින් පත් කළ රුපවාහිනි සභාපතිනිය ඉනෝකා සත්‍යාංගනී වෙනුවට රුවන් විජේවර්ධනගේ හිතවත් කැළුම් පාලිත පත් කිරීම තුළින්ය. එහිදී සිදු වුයේ සැබෑවින්ම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිය ධුරයේ අනිසි ලෙස බලයක් භාවිතා කිරීමක් බව රුපවාහිනි සංස්ථා සේවකයින් කියා සිටින්නේය. මේ වන විට ජනමාධ්‍ය අමාත්‍යංශයේ යටතේ තිබු රුපවාහිනි සංස්ථාව එක් දිනක් තුළ ආරක්ෂක අමාත්‍යංශය යටතේ පවරා ගැනීම තුළින් සිදුව ඇත්තේ කුමක්ද යන්න පිළිබඳද ගැටළු සහගත තත්ත්වයකි.

රුපවාහිනි සංස්ථාවේ විධායක නිලධාරියෙකු අප වෙත කියා සිටියේ රුපවාහිනි සංස්ථාව මාසික ආදායම රුපියල් මිලියන 220 ක් ලැබිය යුතු බවයි. නමුත් මේ වන විට මාස කිහිපයක සිට රුපවාහිනි සංස්ථාවේ ආදායම මිලියන 80 දක්වා අඩු වී ඇති බව වාර්තා වේ. මේ වන විට රුපවාහිනියේ නඩත්තු කටයුතු පවා මෙන්ම සේවක වැටුප් ගෙවීමට නොහැකි පවතින කාලයකදී ආයතනය ගොඩ ගැනීමට නොවන දේශපාලන ගේම් ගැසීම් සිදුවීම කනගාටුදායක තත්ත්වයක් බව එම නිලධාරියා අප වෙත කියා සිටියේය. මේ වන විට සේවකයින් සඳහා මිලියන 65 ක් මාසිකව ගෙවීමට සිදුවන අතර වාහන නඩත්තු ගෙවීම්, විදුලි බිල්, දුරකතන බිල්, ගොඩනැගිලි, තවත් බොහෝ දේ සඳහා මේ වන විට ගෙවීම් අතපසුව ඇති බව වාර්තා වේ.

රුපවාහිනි සංස්ථාව වැනි ආයතනයක් මේ වැනි ආර්ථික අර්බුධකාරි තත්ත්වයකට පත්ව ඇත්තේ පාලනාධිකාරියේ ඇති අඩුපාඩුකම් හේතුවෙන් බව එහි සේවකයින් කියා සිටියේය. කෙසේ වෙතත් මෙම තත්ත්වයෙන් ගොඩ ඒමටනම් ආර්ථික මට්ටම ශක්තිමත් කළ යුතු අතර එවැනි තත්ත්වයක් ඇති නොකර දේශපාලන ගැටුම් තුළින් මාධ්‍ය ආයතනවලට කිසිදු යහපතක් අත් නොවන බවයි.

මේවන විට රුපවාහිනි සංස්ථාවේ සභාපතිනිය ඉනෝකා සත්‍යාංගනී ජනාධිපතිවරයාගේ ඍජු මැදිහත් වීමකින් පත්ව සිටින අයෙකු වන අතර කැළුම් පාලිත යන අය අග්‍රාමාත්‍යවරයාගේ සමීපතයෙකු බව වාර්තා වේ. එසේම කැළුම් පාලිත නම් පුද්ගලයා ස්වාධින රුපවාහිනියේ සේවයේ සිටි අයෙකු බවත් ඔහු කිසිදු කටයුත්තක් නිසි ලෙස සිදු කළ අයෙකු නොවන බව එම ආයතන අප වෙත කියා සිටියේය.

රුවන් විජේවර්ධන අමාත්‍යවරයාට ආයතනවල සභාපති ධුර පත් කිරීමට නොහැකි අවස්ථාවක් ඇති විට ඔහු විසින් ද සිදු කර ඇත්තේ බලය අනිසි ලෙස භාවිතා කිරීමකි. මේ වන විට රාජ්‍ය මාධ්‍ය ආයතන වන රුපවාහිනි සංස්ථාන මෙන්ම ස්වාධින රුපවාහිනි සංස්ථාව ද බරපතල ලෙස පාඩු ලබන ආයතන බව එම ආයතනවල සේවය කරනු ලබන විධායක නිලධාරින් අප වෙත කියා සිටින්නේය.

රුපවාහිනියේ සභාපති ධුරය පවතිනවානම් එය දේශපාලනීක වශයෙන් වාසිදායක තත්ත්වයක් ඇති බවත් සේවක ගැටළු පසකලා බලය ඇති අය සිදු කරන්නේ බලය රැකගැනීමට උත්සහා කිරීමය.

Post Views: 28
Previous Post

අද ඕන වැඩ්ඩෙක් මිස මෝඩයෙක් නොවේ – විමල් කියයි

Next Post

ඉන්ධන මිල සංශෝධනය කෙරේ

editor

editor

Next Post

ඉන්ධන මිල සංශෝධනය කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved