27 April 2024
#දේශීය

ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ඉන්ධන මිල සූත්‍රය අනුව අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 2/=කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 2/=කින් ද අඩුකර ඇත. සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 2/=කින් අඩු කර ඇති බව මුදල් අමාත්‍ය්‍යංශය පවසයි.

කෙසේ වෙතත් ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් කර නොමැත.

ඒ අනුව නව සංශෝධිත මිල ගණන් මෙසේ ය.

ඉන්ධන වර්ගය         වත්මන් මිල           සංශෝධිත මිල      මිලෙහි වෙනස

ඔක්ටේන් 92 පෙට්‍රල්      138/-                  136/-                         02/-

ඔක්ටේන් 95  පෙට්‍රල්      163/-                 161/-                         02-

ඔටෝ  ඩීසල්                   104/-                  104                          වෙනසක් නැත

සුපිරි ඩීසල්                     134/-                 132/-                         02/-

ජාත්‍යන්තර වෙළඳපොලේ තෙල්මිල අඩුවන විට එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබා දෙන බවට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මෙයට පෙර පොරොන්දු වූ පරිදි මෙම මිල අඩුවිම සිදු කර ඇති බව මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර සිටි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *