• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණව පැවැත්වීමට සහාය දෙන්න – අගමැති

15 November 2019
in දේශීය

නොවැම්බර් 16 වන දින පැවැත්වීමට කටයුතු යොදා ඇති ජනාධිපතිවරණය නිදහස්ව හා සාධාරණව පැවැත්වීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසත් මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව නීතිය හා සාමය ආරක්‍ෂා කරමින් සාමකාමීව කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (15) විශේෂ ප්‍රකාශයක් මාධ්‍ය වෙත නිකුත් කරමින්ය.

එම නිවේදනය සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කර, රට පුරා ප්‍රජාතන්ත්‍රවාදී, නීතිගරුක සහ සාමකාමී පරිසරයක් නිර්මාණය කිරීමට අප කටයුතු කළා. එවැනි ප්‍රජාතන්ත්‍රවාදී, නීතිගරුක, සාධාරණ සහ යුක්තිගරුක පරිසරයක පැවැත්වෙන මුල්ම ජනාධිපතිවරණය හෙට, සෙනසුරාදා පැවැත්වීමට සියලූ කටයුතු සූදානම්.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය සියලූම විධිවිධාන මැතිවරණ කොමිෂන් සභාව විසින් සලසා තිබෙනවා. ඊට අවශ්‍ය ආරක්ෂාව ප්‍රමාණවත් පරිදි සැලසීමට ත්‍රිවිධ හමුදාව හා පොලිසිය වෙත අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා. පුරවැසියන් වශයෙන් අප සියලූ දෙනාගේම යුතුකම හා වගකීම වන්නේ නිදහස්, සාධාරණ හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා අදාළ ආයතනවලටත්, නිලධාරීන්ටත් උපරිම සහය ලබා දීමයි.

අප කළ යුත්තේ මේ නිදහස් පරිසරය තවතවත් ශක්තිමත් කරලීමයි. යළිත් අතීතයේ මෙන් අශීලාචාර දේශපාලන සංස්කෘතියක් නිර්මාණය නොවීමට උපරිම අයුරින් දායක වීමයි. ඒ නිසා මා ඔබ සියලූ දෙනාගෙන් ඉල්ලා සිටින්නේ හෙට, එනම් නොවැම්බර් 16 වන දින සාමකාමීව ඔබේ ඡන්දය ප්‍රකාශ කර මෙම ජනාධිපතිවරණය නිදහස්ව හා සාධාරණව පැවැත්වීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසයි.

එසේම, මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව නීතිය හා සාමය ආරක්‍ෂා කරමින් සාමකාමීව කටයුතු කරන ලෙස මා ඔබ සැමගෙන් විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා.

ස්තුතියි.

 

මාධ්‍ය ඒකකය,
අග්‍රාමාත්‍ය කාර්යාලය.

Post Views: 10
Previous Post

තිරිඟු පිටි මිල වැඩි කරන්න බෑ… මාධ්‍ය වාර්තා අසත්‍යක් –මුදල් ඇමති

Next Post

රටේ හත්වන ජනපති තෝරාන ඡන්ද වීමසීම ඇරඹුණා..

editor

editor

Next Post

රටේ හත්වන ජනපති තෝරාන ඡන්ද වීමසීම ඇරඹුණා..

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved