• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන උතුරේ ඉඩම් කඩිනමින් නිදහස් කරන්න – ජනපති

29 August 2019
in දේශීය

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන පරිදි, තවදුරටත් නිදහස් කළ හැකි උතුරේ ඉඩම් ප්‍රමාණය හඳුනාගෙන කඩිනමින් එම ඉඩම් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදළ අංශවලට උපදෙස් දෙයි.

යුද්ධය අවසන්වන විට ආරක්ෂක අංශ යටතේ තිබු උතුරේ පුද්ගලික සහ රජයේ ඉඩම් නැවත එහි මුල් පදිංචිකරුවන් වෙත ලබාදීමට පසුගිය අවුරුදු 05 තුළ රජය විශේෂ කැපවීමකින් කටයුතු කළ බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ත්‍රිවිධ හමුදාව සමඟ එක්ව උතුරේ ඉඩම්වල ප්‍රමාණය නිරික්ෂණය කර ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන පරිදි නිදහස් කළ හැකි සියලු ඉඩම් කඩිනමින් හඳුනාගැනීමට පියවර ගන්නා ලෙසත්, ඒ පිළිබඳ වාර්තාවක් මෙම ඔක්තෝබර් 01 වන දා ට පෙර ආණ්ඩුකාරවරයා වෙත ලබාදීමට කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහි දී නිලධාරින්ට උපදෙස් දුන්නේ ය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ උතුරේ ඉඩම් නිදහස් කිරීමේ කටයුතු පිළිබඳ ඊයේ (28) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ය.

ජනාධිපතිවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේ ජාතික ආරක්ෂාව සහතික කිරීම සඳහා හමුදා කඳවුරු අවශ්‍ය බව සියලුදෙනාම පිළිගත යුතු බවයි. ඒ පිළිබඳ අත්දැකීමක් පාස්කු ඉරිදා ප්‍රහාරය සමග අත්විදීමට සිදු වූ බව කියා සිටි ජනාධිපතිතුමා ප්‍රදේශයේ සහ ජනතාවගේ ආරක්ෂාවට ආරක්ෂක කඳවුරු පැවතිය යුතු බව ද සඳහන් කළේය.

නිදහස් කළ හැකි සියලු ඉඩම් නිදහස් කර දීමට කඩිනමින් කටයුතු කරන බව පැවසූ ජනාධිපතිවරයා සාකච්ඡා මඟින් සියලු ගැටලු විසඳා ගැනීමේ හැකියාව ද පෙන්වා දුන්නේය.

එමෙන්ම පුද්ගලික ඉඩම් හමුදා කඳවුරු සඳහා අවශ්‍ය නම් එම ඉඩම් සඳහා වන්දි ගෙවීම් කඩිනම් කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ ය.

පසුගිය යුද සමයේ දී ආරක්ෂක අංශ විසින් පවරා ගන්නා ලද උතුරේ ඉඩම්වලින් රජයේ ඉඩම් 80.98%ක් ද පෞද්ගලික ඉඩම් 90.73% ක් ද මේ වන විට නිදහස් කර තිබෙන බව ආරක්ෂක අංශ විසින් මෙහිදී පෙන්වා දෙනු ලැබීය.

උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා ඇතුළු ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක ලේකම් ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ යන මහත්වරුන් ඇතුළු නිලධාරින් ද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීහු මෙම සාකච්ඡාවට එක් ව සිටියහ.

Post Views: 16
Previous Post

රනිල්ගේ ආර්ථික පෙරළිය ගැන හිටපු මහබැංකු අධිපතිගෙන් කරුණු පැහැදිලි කිරීමක්

Next Post

දිනන කෙනා සජිත්.. කාටවත් අසාධාරණයක් නෑ – මංගලගේ රෑ සාදයේදී කතා වෙයි

editor

editor

Next Post

දිනන කෙනා සජිත්.. කාටවත් අසාධාරණයක් නෑ - මංගලගේ රෑ සාදයේදී කතා වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved