27 April 2024
#දේශීය

දිනන කෙනා සජිත්.. කාටවත් අසාධාරණයක් නෑ – මංගලගේ රෑ සාදයේදී කතා වෙයි

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යුතු බවත් මේ වන විට දිනන අපේක්ෂකයා ඔහු බව සමීක්ෂණවලින් හෙළිව ඇති බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය කල විමසීමකදී අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඊයේ (28) රාත්‍රියේදී අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේ පැවැති සාකච්ඡාවේදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා වු බවයි.

එහිදී දිනන අපේක්ෂකයා නම් කල යුතු බවත් සමික්ෂණ වාර්තා වලින් පවා සජිත් ප්‍රේමදාස මහතා දිනන බවට තහවුරු වු බව අමාත්‍ය ගයන්ත මහතා කියා සිටියේය. කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හෝ කරු ජයසුරිය මහතාට කිසිදු අසාධාරණයක් නොවන ආකාරයේ කටයුතු කළ යුතු බව මෙහිදී සාකච්ඡා වු බව ඔහු අනාවරණ කළේය. එක්සත් ජාතික පක්ෂය දිනන්නට නම් සියළු දෙනා එකට එක්ව කටයුතු කළ යුතු බව ඊයේ පැවැති සාකච්ඡාවේදී කතා බහට ලක්ව තිබේ.

ජනාධිපති අපේක්‍ෂකත්වය සජිත් ප්‍රේමදාසට ලබාගැනීම සහ ඒ වෙනුවෙන් පැවැත්වෙන ජනරැළි මාලාවේ මිලඟ රැළිය කුරුණෑගලදී ලබන 05 වනදා පස්වරු 2 ට සත්‍යවාදී පිටියේදී පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙහි සංවිධානය කටයුතු අමාත්‍ය අශෝක අබේසිංහ මහතා ප්‍රධානත්වයෙන් සිදු කර වාර්තා වේ. මෙයට එක්සත් ජාතික පක්ෂයේ සියළුම දෙනාට ආරාධනා කරන බව අශෝක අබේසිංහ මහතාගේ සමිපතයෙකු අප වෙත කියා සිටියේය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *