• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජාතික නායකත්වයට කිරිඇල්ලගේ නම යෝජනා කරන බව වෙලුකුමාර් කියයි

29 July 2019
in දේශීය

ඉදිරි මැතිවරණයේදී අවශ්‍ය ජාතික නායකත්වය සඳහා ලක්ෂමන් කිරිඇල්ල මහතා ඉහලින්ම යෝජනා කරන බවත් එම ජාතික නායකත්වය කදුරටට ලබා ගැනීමට සියලු සුළු ජාතික පක්ෂ සුදානම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලුකුමාර් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (28) “හරිත භුමි” වතු කම්කරු ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් වතු තුනක පර්චස් 7 බැගින් වූ ඉඩම් කට්ටි 500ක් බෙදා දීමේ උත්සවය අමතමින්.

ලක්‍ෂමන් කිරිඇල්ල මහතා කදුරට නායකයා ලෙස ඉතා හරවත්, සාරවත් ගමනක් පැමිණි අමාත්‍යවරයෙක් වන අතර දශක ගණනාවක් කදුකරයට අහිමිවූ සංවර්ධනය එතුමා නිසා නැවත උදාකරගැනීමට හැකියාව ලැබුණු බව වෙලුකුමාර් මහතා පැවසිය. රට පුරා ගෙනයන නොයෙකුත් සංවර්ධන ව්‍යාපෘති හරහා රටේ සියලුම ජන කොටස් වලට එක ලෙස සංවර්ධනයේ ප්‍රථිපල අත්පත් කර දීමට එජාප රජයට මේ වන විටත් හැකියාව ලැබී ඇති බව මෙම වැඩ වැඩසටහනට සහබාගි වූ ජනතාවගේ පොදු මතය වීම එජාප රජයේ ක්‍රියාකාරිත්වයේ ඇති සාර්ථකභාවයට කදිම නිදසුනක් බව හෙතෙම අවධාරණය කළේය.

රජයක් ලෙස ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන සියලුම බාධාවන්ට මුහුණ දෙමින්, 2015 මහා මැතිවරණයේදී ලබාදුන් මැතිවරණ පොරොන්දු අනුව යමින් කැබිනට් පත්‍රිකාවක් අනුමත කරමින් ඉතිහාසයේ පළමු වතාවට අප රටේ වතු කම්කරු ජනතාවට පර්චස් 7ක ඉඩම් කැබැල්ලක් සින්නක්කරව ලබා දීමට කටයුතු ආරම්භ කළ කිරිඇල්ල අමාත්‍යවරයා කියා සිටියේ, මෙම වැඩපිළිවෙල බාධක මැද ඉදිරියට ගෙනයාමට හැකිවීම පිළිබඳව එජාප රජයේ අමාත්‍යවරයෙක් ලෙස ආඩම්බර වන බවයි.

මෙහිදී තව දුරටත් කිරිඇල්ල අමාත්‍යවරයා ” 2015 වන විට පහුගිය මහින්ද රජය රට ට්‍රිලියන ගණනක ණය උගුලක හසුකර, ජාත්‍යන්තර වශයෙන් සම්බාධක දමන තත්වයකට රට අගාධයකට රැගෙන ගොස් නැවත ගොඩ ගැනීමට නොහැකි තැනකදී රට අනාථ කර පැන ගිය බවයි. එමෙන්ම එසේ පැන ගිය නඩය නැවත බලයට පැමිණීමට උත්සාහ කරන්නේ කුමන සැලසුමක් ඇතුවද යන්න ගැටළු සහගත බවයි. රටක් ඉදිරියට කරගෙන යාමට අපහසු තත්වයකට පැමිණි පසු පැන ගිය හිටපු ජනාධිපතිවරයාගෙන් පසු 2015 රට බාරගත් එජාප රජය අද වන විට ජාත්‍යන්තර ප්‍රජාවත් සමඟ නැවත එක වෙමින් සාර්ථක ගමනක් යන අතරම රටේ සියලුම කොට්ඨාශ වලට මිලියන ගණනක ප්‍රතිපාදන යොදවා රටම එක ලෙස සංවර්ධනය කරමින් රාජපක්ෂලාගේ ට්‍රිලියන ගණනක ණය කෙසේ හෝ ගෙවා රට ස්ථාවර කරන බවට කිරිඇල්ල මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

මේ අවස්ථාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලුකුමාර්, හිටපු ගරු පළාතසභා මන්ත්‍රී රාජරත්නම් හා හිටපු පළාත්සභා මන්ත්‍රිනී සහ ආසන සංවිධායක ශාන්තිණි කෝන්ගහගේ යන මහත්ම මහත්මින්ද සහභාගී විය.

 

Post Views: 17
Previous Post

ජාතික පාසල්වල පවත්නා විදුහල්පති පුරප්පාඩු පිරවීමට පියවර

Next Post

සජිත් ගැන කියන බොරු – ඇමැති රවි

editor

editor

Next Post

සජිත් ගැන කියන බොරු - ඇමැති රවි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved