BYD සමාගම සහ එහි මෙරට බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) එක්ව යාපනයේ නව 3S මධ්‍යස්ථානයක් විවෘත කර තිබේ.
මෙම මධ්‍යස්ථානය මඟින් වාහන අලෙවිය, අලෙවියෙන් පසු සේවා සහ අව්‍යාජ අමතර කොටස් ලබාගැනීමේ පහසුකම් එකම ස්ථානයකින් සලසා ඇත. උතුරු පළාත තුළ BYD සන්නාමය යටතේ විවෘත කළ පළමු 3S මධ්‍යස්ථානය මෙය බව සමාගම සඳහන් කරයි.
යාපනය, අරියාලේ, අරියාලේ නැගෙනහිර මාර්ගයේ අංක 7 දරන ස්ථානයේ පිහිටි මෙම මධ්‍යස්ථානයේ BYD ATTO 1, ATTO 2, DOLPHIN, SEALION 6, SEALION 5, SEALION 8, RACCO සහ SHARK 6 ඇතුළු නව බලශක්ති වාහන මාදිලි ප්‍රදර්ශනය කෙරේ.
A9 Motors සමඟ හවුල්කාරිත්වයෙන් ස්ථාපිත කර ඇති මෙම මධ්‍යස්ථානය හරහා උතුරු පළාතේ පාරිභෝගිකයන්ට තම ප්‍රදේශයේදීම BYD වාහන මිලදී ගැනීමටත්, නඩත්තු සේවා සහ අමතර කොටස් ලබාගැනීමටත් අවස්ථාව සැලසෙන බව JKCG Auto පවසයි.











