• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තීරණ ගන්නකොට බයේ වෙව්ලනවා … – ඇමැති රවි කියයි

28 January 2019
in දේශීය

එක්සක් ජාතික පක්ෂය ජනතාව සමග සිටින පක්ෂයක් බවත් කුමන මැතිවරණයක් ආවත් එක්සත් ජාතික පක්ෂය බය නොමැති බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමයේදී උන්වහන්සේ බැහැදැකිමට ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියෙ එදා නිවැරදි දේශපාලන තීන්දු තීරණ නොගත්ත එකේ පාපකර්මය අද අපේ කරපිට වැටිලා ජනතාවට කිසිම බරක් නොවෙන විදියට අපි විදුලිබල මන්ඩලයේ දක්ෂ සේවක පිරිස් සමග එකතුවෙලා ගැටලු නිරාකරණය කරන බවයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියේය ” මම කවදාවත් ප්‍රතිපත්ති වෙනස් කරලා නැහැ එදා මම කියපු දේ මේ වසර 4 ඇතුලත කළානම්, මේ ප්‍රශ්න නැහැ. එදා නිවැරදි දේශපාලන තීන්දු තීරණ නොගත්ත එකේ පාපකර්මය අද අපේ කරපිට වැටිලා. ඒත් අපි නිර්භීතයි. ජනතාවට කිසිම බරක් නොවෙන විදියට අපි විදුලිබල මන්ඩලයේ දක්ෂ සේවක පිරිස් එකතුවෙලා ගැටලු නිරාකරණය කරගෙන වැඩකරගෙන යනවා. අවුරුදු ගනනාවක් තිස්සේ තිබුණ ප්‍රශ්න දින ණනනක කෙටි කාලසීමාවකින් විසදන්න මට අපහසුයි. නමුත් අපි සාකච්ඡා මාර්ගයෙන් සදාකාලයටම මෙම ගැටළුව විසදන්න කටයුතු කරගෙන යනවා. මගේ අමාත්‍යාංශ ලේකම්වරයා විෂය සම්බන්ධයෙන් ඉතා දක්ෂව කටයුතු කරනවා. ඒ නිසා කිසි ගැටලුවක් නැහැ. නමුත් අද තිබෙන ප්‍රදානතම ගැටලුව තමයි වැඩකරන පුද්ගලයාට මේ රටේ තැනක් නොතිබීම. මමත් අද ඒ තැනට වැටිලා සිටිනේ. වළං සෝදන කෙනා අතින් තමයි වළං බිදෙන්නේ. ඒ වගේ වැඩකරන කෙනාටම තමයි පහර වදින්නේ. එක්සක් ජාතික පක්ෂය ජනතාවත් සමග සිටින පක්ෂයක්. ඒ නිසා අපි ප්‍රශ්න වලින ලිස්සලා යන්නේ නැහැ. එහෙම කරන්නේ ජනතාව ඉදිරියට යන්න බැරි අය වෙන්න ඇති. සමස්තයක් වශයෙන් අපට ඒ වගේ ලේබල් ගහන්නෙපා. අපිට ඉදිරියෙන්ම තිබෙන්නේ ජනාධිපතිවරණයක්. නමුත් කුමන මැතිවරණයක් ආවත් එක්සත් ජාතික පක්ෂය බය නැහැ” යැයි පැවසීය.

Post Views: 6
Previous Post

වසර 25 කට පසු එජාපයේ ජනාධිපතිවරයෙක් – ඇමැති මංගල

Next Post

කුමන්ත්‍රණ එපා… විපක්ෂයේ අසුන් ගන්න අපි ලැස්තියි ! ඇමැතිනි තලතා කියයි

editor

editor

Next Post

කුමන්ත්‍රණ එපා... විපක්ෂයේ අසුන් ගන්න අපි ලැස්තියි ! ඇමැතිනි තලතා කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved