• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දැන් තමයි හොඳම කාලය – ඇමති චම්පික රණවක

22 October 2018
in දේශීය

මත්තල ගුවන් තොටුපල, ඒ වගේම සූරිය වැව ක‍්‍රීඩාංගනය, හම්බන්තොට වරාය, සම්මන්ත‍්‍රණ ශාලාව, ශ‍්‍රී ලංකන් ගුවන් සේවය වගේ සාපරාධි සංවර්ධන අපරාධ එකක්වත් මේ ආණ්ඩුව සිදු කර නොමැති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ සහසක් තුරු වැඩසටහන යටතේ මිලියනයක් ශාක සිටුවීමේ රත්නපුර වැඩසටහනකට සහභාගී වෙමින්.

ශ‍්‍රී ලංකන්, මිහින් ලංකා, හම්බන්තොට සම්මන්ත‍්‍රණ ශාලා, ක‍්‍රිකට් ක‍්‍රීඩාංගන, ? වෙළඳපොලවල්, ගුවන්තොටුපලවල් වගේ ජනතාවගේ ධනයට ප‍්‍රතිලාභ නොලැබෙන කිසිම සංවර්ධන ව්‍යාපාරයක් අපේ අමාත්‍යාංශයෙන් අපි දියත් කර නැහැ. සෑම සංවර්ධනයකින්ම රටට, ඔබට, ප‍්‍රතිලාභය ලැබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්, රජය බලයට පත්වෙලා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා ලබාදුන් බොහෝ පොරොන්දු අපි ඉටුකර තිබෙනවා. විශේෂයෙන්ම තිබූ අත්තනෝමතික ජනාධිපති ක‍්‍රමය වෙනස් කළා. ස්වාධින අධිකරණයක් ඇති කළා. කාටවත් රාජ්‍ය බලය පාවිච්චි කරන්න, පෞද්ගලික බලය පාවිච්චි කරන්න බැරි විදිහට ස්වාධින මැතිවරණ කොමිසමක් ඇතිකර එය ශක්තිමත් කළා. ඒ වගේම රාජ්‍ය සේවා කොමිසමක් ඇතිකර රාජ්‍ය සේවය නිදහස් කළා. පොලිස් කොමිසමක් ඇතිකර පොලිස් සේවය නිදහස් පොලිස් සේවයක් බවට පත් කළා. ඒ වගේම රට පුරා විශාල මාධ්‍ය නිදහසක් ලබාදුන්නා. ඇතැම් මාධ්‍ය අයිතිකරුවන් කිහිප දෙනෙක් ඒක පාවිච්චි කර ඉතාමත් දුෂ්ඨ මාධ්‍ය ක්‍රියාවලියක නියැලූනත් රජය පොදුවේ මාධ්‍ය ආයතනවලට ගිනි තැබීම් වලින්, පහරදීම්වලින් තොරව නිදහස ලබාදී තිබෙනවා.

තොරතුරු දැන ගැනීමේ අයිතිය යටතේ ඕනෙම කෙනෙකුට රටේ ජනාධිපතිතුමාගේ, අගමැතිතුමාගේ සිට ප‍්‍රශ්න කරන්නට පුළුවන්. ඒ ප‍්‍රජාතාන්ත්‍රික අයිතිය වෙන කවරදාටත් වඩා අපි ශක්තිමත් කර තිබෙනවා. ආර්ථික ක්‍ෂෙත‍්‍රයෙත් අපි දුන් පොරොන්දු ඉටුකළා. හුඟ දෙනෙක් නොකරණ දෙයක් පඩි වැඩි කිරීම, රාජ්‍ය අංශයේ පඩි රුපියල් දහ දාහකින් පඩි වැඩි කළා. පොලීසියේ, හමුදාවේ ආරක්‍ෂක අංශවල වැටුප් 2020 වන විට දෙගුණයක් බවට පත් වෙනවා. ඊට සාපේක්‍ෂව විශ‍්‍රාම වැටුප් වැඩිකළා. ඒ වගේම මෙපමණ කාලයක් රටේ සංවර්ධනයේ ප‍්‍රමුඛතාවයක් තිබුනේ නැහැ. අපි ප‍්‍රමුඛතාවයන් සකස් කළා. ඉතා අපහසුවෙන් උවත් රට ගිලගෙන තිබූ මහා ණය කන්ද ගෙවා දැමීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් අපි දියත් කළා. ඒ වගේම අපේ විවිධ ක්‍ෂෙත‍්‍රවල ආදායම් ලැබෙන විධිමත් සංවර්ධනයකට යොමුකර තිබෙනවා. මත්තල ගුවන් තොටුපල, ඒ වගේම සූරිය වැව ක‍්‍රීඩාංගනය, හම්බන්තොට වරාය, සම්මන්ත‍්‍රණ ශාලාව, ශ‍්‍රී ලංකන් ගුවන් සේවය වගේ සාපරාධි සංවර්ධන අපරාධ එකක්වත් මේ ආණ්ඩුව සිදු කර නැහැ.

ඒ වගේම ජනතාව පැහැර ගැනීම් ආදියෙන් කර තිබෙන අපරාධ කරලත් නැහැ. ඒ පැත්තෙන් අපි මේ රට යුක්ති සහගත කර තිබෙනවා. විශේෂයෙන්ම ජාත්‍යන්තර වශයෙන් රට වටකර තිබුණේ. අපට අපනයන කරුවන්ට විශාල ප‍්‍රශ්න පැන නැගී තිබුණා යුරෝපා සංගමය ජී.එස්.පී. සහනය උදුරා ගැනීම නිසා. ඇමරිකා එක්සත් ජනපදය සහනය උදුරා ගැනීම නිසා. වේදිකාවල ඇමරිකාවට, යුරෝපයට විරුද්ධව බෙරිහන් දුන්නට වැඩක් නැහැ. රටේ අපනයනයෙන් 60% ක් ඒ රටවල් දෙකට තමයි සිදු කෙරුණේ. ඒවා ගලවාගෙන රටේ කීර්ති නාමයත් ආරක්‍ෂා කරගෙන, ජාත්‍යන්තර වශයෙන් හොඳ ප‍්‍රතිරූපයකුත් අපි නිර්මාණය කරගෙන තිබෙනවා. නමුත් ලෝකයේ පවතින අර්බුද අද ලෝකයේ මූල්‍යමය වශයෙන් යම් කලබල කාරී තත්වයක් පැන නැගී තිබෙනවා. ඒවගේම තෙල් මිල නැවත ඉහළ යෑමේ ප‍්‍රවණතාවයක් නැවත ඇතිවෙලා තිබෙනවා. ඒ වගේම අපි අධික විදේශ ණය බරක නියැලිලා තිබෙනවා. ඒවා ඇත්තටම මේ ආණ්ඩුවේ ණය නෙමෙයි. මේ වසරේදී අපට ගෙවන්න තිබෙන ණය කොටස ඩොලර් මිලියන 4200 ක්. ඒකෙන් 11% යි 1947 ඉඳන් 2007 ට කලින් ගත්ත ණය තියෙන්නේ. ඉතුරු ටික ඔක්කොම ඊට පස්සේ ගත්ත ණය. ඒ බරත් දරාගෙන තමයි අපට සංවර්ධනය කරන්න වෙලා තිබෙන්නේ. ඒ පැත්තෙන් අපි සාර්ථක වෙලා තිබෙනවා. අනෙක් පැතිවලින් අපේ අසාර්ථක තාවයන් තිබෙනවා. නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහසයි, අතීතයට සාපේක්‍ෂව බැලූවහම රට අමාරුවේ දාල සංවර්ධනයක් කරලත් නැහැ. ඒ වගේම දුක් පීඩාවලට ලක් වූ ජනතාවට සෑම අතින්ම සහන විශාල ප‍්‍රමාණයක් ලබාදී තිබෙන බව යැයි අමාත්‍යවරයා පැවසීය.

 

Post Views: 10
Previous Post

21 වන සියවසේ සේද මාවතේ එක් මාවතක 05 වන සංවත්සරය ලබන 24 සැමරේ

Next Post

මෛත්‍රිගේ ග්‍රහයා බලවත් – ලියන්ගස්වගුරේ දේවානන්ද හිමියන් කියයි

editor

editor

Next Post

මෛත්‍රිගේ ග්‍රහයා බලවත් - ලියන්ගස්වගුරේ දේවානන්ද හිමියන් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved