27 April 2024
#දේශීය

මෛත්‍රිගේ ග්‍රහයා බලවත් – ලියන්ගස්වගුරේ දේවානන්ද හිමියන් කියයි

දුෂ්කර ප්‍රදේශයක විහාරස්ථානයක වාසය කරන වයස අවුරුදු 92ක් වයසැති හිමිනමක් වන ශ්‍රාස්ත්‍රපති, ලියන්ගස්වගුරේ දේවානන්ද හිමියන් ඉදිරි රාජ්‍ය නායකයා පිළිබඳ විශේෂ අනාවැකියක් පළ කර තිබේ.

ඒ ඉදිරියේදී ජනාධිපතිවරණයක්ද පැවැත්වීමට නියමිත අවස්ථාවක රටේ අනාගත රාජ්‍ය නායකයා ගැන අදහස් පළ කරන කාළ වකවානුවක ඒ හිමියන් විශේෂ අනාවැකියක් පළ කරමින් අදහස් දක්වා තිබේ.

ඒ අනුව වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ග්‍රහ පිහිටීම් අනුව මෙම කාල වකවානුවද අවසන් වී දෙවැනි කාල වකවානුවත් අවසන් වී ඉදිරි ගමනක් යා හැකි බව දේවානන්ද හිමියන් අවධාරණය කළේය.

ජනාධිපතිවරයාගේ කේන්දරයේ සෙනසුරු උච්ච වී ඇති බවත් එම සෙනසුරු දසාව ලබා ඇත්තේ වර්ෂ 2006දී බවත් තුලා ලග්නයට බලවත් ශනි ජනාධිපතිවරයාගේ උච්ඡ ධූර කාලය යන බවත් උන්වහන්සේ අවධාරණය කළේය.

ජ්‍යෙතීෂ්‍ය පිළිබඳ විශේෂ අනාවැකි පලකරන හිමිනමක් වන ලියන්ගස්වගුරේ දේවානන්ද හිමියන් පසුගිය ජනාධිපතිවරණයේදී ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජය ගන්නා බවට අනාවැකි පළ කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *