27 July 2024
#දේශීය

දැන් සනිපයිද? හිරුණිකා මාධ්‍ය ආයතනවලින් අසයි..?

වසර 03 ක කාලයක් කොන්ද කෙලින් තියා ගන්න අවස්ථාව ලබා දුන් බවත් මේ අවස්ථාවේදී මාධ්‍ය ආයතනවල හැසිරීම පිළිබඳ කනගාටු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

ඇය අද (27) පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ පසුගිය වසර 10 තුලදී මාධ්‍යවේදීන්ට කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න අවස්ථාවක් නොමැති බවත් යහපාලන ආණ්ඩුව 2015 පත් වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ට කොන්ද කෙලින් තියාගෙන කටයුතු කරන්න අවස්ථාව ලබා දුන් බවයි.

නමුත් මේ වන විට රාජ්‍ය මාධ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික මාධ්‍ය ආයතන කඩේ යෑමක් සිදු කරන බවත් නමුත් වහල්ලු වෙලා ඉන්න වන්නේ තව මාසයක් බව ඇය අවධාරණය කළේය.

මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ මිනිස්සු නෙමෙයි සත්තු ටිකක් එක්ක බවත් මේ පාර්ලිමේන්තුවේ කටයුතු කඩාකප්පල්කාරී කටයුතු කළේ මහින් දරාජපක්ෂගේ කල්ලියක් බව ඇය අනාවරණ කළාය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *