• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නීති විරෝධී මිනිස් ජාවාරම වැලැක්වීමට තවදුරටත් පියවර ගන්න

27 November 2018
in දේශීය

නීති විරෝධී මිනිස් ජාවාරම වැළැක්වීම සම්බන්ධයෙන් ලබා ඇති උසස් තත්වය තවදුරටත් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඒ පිළිබදව පිහිටුවා ඇති කාර්ය සාධක බලකායේ සියලු ආයතනවලින් ඉල්ලා සිටින බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ (26) දින නීති විරෝධී මිනිස් ජාවාරම වැළැක්වීම සදහා අධිකරණ අමාත්‍යාංශයේ මුලිකත්වයෙන් ස්ථාපිත කර ඇති මිනිස් කාර්ය සාධක බලකායේ විශේෂ හමුවක් අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති අවස්ථාවේදිය.

2019 මාර්තු 31 වන දින වන විට ශ්‍රී ලංකාව විසින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු මිනිස් ජාවාරමට අදාළ ප්‍රගති වාර්තාව පිළිබදව සාකච්ඡා කිරීම මෙම හමුවේ මුලික අරමුණ වී තිබේ.

2017 වර්ෂයේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නීති විරෝධී මිනිස් ජාවාරම වැළැක්වීම සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවට අනුව ශ්‍රී ලංකාව Tier 2 තත්වයට උසස් කර තිබු අතර එම උසස් තත්වය 2018 වර්ෂයේදී ද ආරක්ෂා කර ගැනීම සදහා ශ්‍රී ලංකාව සමත්වු බව අමාත්‍යාංශය සදහන් කරයි.

අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවට අනුව 2017 වර්ෂයට පෙර නීති විරෝධී මිනිස් ජාවාරම වැළැක්වීම සම්බන්ධයෙන් වු කටයුතු වලදී ශ්‍රී ලංකාව අවදානම් තත්වයේ පසුවු බවයි.

අමාත්‍යවරයා මෙහිදි සදහන් කළේ ශ්‍රී ලංකාවට ආධාර, ණය ලබාදීම, ප්‍රතිරෑපය සම්බන්ධයෙන් මෙන්ම අනෙකුත් ජාත්‍යන්තර කටයුතුවලදී ද මෙම තත්වයන් ආරක්ෂා කර ගෙන කටයුතු කර තිබීම වැදගත් බවයි

2019 වසරේදි ද ශ්‍රී ලංකාව ලබා ඇති උසස් තත්වය ආරක්ෂා කර ගෙන ඉදිරියට යාම සදහා සියලු ආයතනවල අවධානය යොමු විය යුතු බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහිදී සදහන් කළේය.

මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි, අතිරේක ලේකම් (නීති ) පියුමන්ති පීරිස් යන මහත්ම මහත්මීන්ද එක් විය.

නීතිපති දෙපාර්තමේන්තුව, පොලීසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, විදේශ කටයුතු අමාත්‍යාංශය ,කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය, පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තුව, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යන රාජ්‍ය ආයතන වලින් සමන්විතව මෙම කාර්ය සාධක බලකාය ස්ථාපිත කර තිබේ.

මෙම සාකච්ඡාව සදහා එම ආයතනවල නිලධාරීන්ද එක්ව සිටියහ.

Post Views: 17
Previous Post

ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කරයි

Next Post

දැන් සනිපයිද? හිරුණිකා මාධ්‍ය ආයතනවලින් අසයි..?

editor

editor

Next Post

දැන් සනිපයිද? හිරුණිකා මාධ්‍ය ආයතනවලින් අසයි..?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved