27 April 2024
#දේශීය

ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කරයි

කථානායකවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර ඇති බව දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.  අද (27) පාර්ලිමේන්තුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා කියා සිටියේ ස්ථාවර නියෝග නොමැතිව න්‍යාය පත්‍රයක් නොමැතිව කථානායකවරයා පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කර ඇත බවයි.

එසේම න්‍යාය පත්‍රය සකස් කල යුත්තේ ආණ්ඩු පක්ෂයෙන් විමසීමක් සිදු කිරීමෙන් අනතුරුව බවත් පාර්ලිමේන්තුව නිසි පරිදි ස්ථාවර නියෝග අනුව කටයුතු කරයිනම් පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගී වන බව හෙතෙම කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *