• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නුපන් දරුවන් වෙනුවෙන් මහින්ද යළි සටනට

26 July 2019
in දේශීය

මව්බිමේ අනාගතය සහ නූපන් දරුවන් වෙනුවෙන් දේශද්‍රෝහී රජය පරාජයට පත් කිරීමට සියලූ දෙනා එක්ව කටයුතු කළ යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ජනාධිපතිවරණය සහ ඉදිරි මැතිවරණ විශිෂ්ට ලෙස ජයග‍්‍රහණය කිරීම උදෙසා ජන මූල ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සමග එක්ව කටයුතු කිරීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂ සමග අද (26) පෙරවරුවේ විජේරාම නිළ නිවසේ පැවති අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීමේ අවස්ථාවේදීය.

ජාතික සම්පත් විකුණාගෙන කෑමේ පාපකර්මයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ද දායක කර ගැනීමට එ.ජා.පය සමත් වී ඇති බවත් තම රජය විසින් ජාතියට දායාද කළ හම්බන්තොට වරාය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරයෙකු යටතේ පෞද්ගලීකරණය කිරීම මේ සදහා ගත හැකි හොඳම නිදසුන බවත් ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය

වත්මන් රජය රට සහ ජාතිය අනතුරේ හෙළමින් දහනව වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට කටයුතු කළ ද ඒ තුළින් මතුපිටිට පේන කරුණු වලට වඩා අර්බුදකාරී තත්ත්වයක් අභ්‍යන්තරව හටගෙන තිබේ.

රජය මේ වන විට ව්‍යවස්ථා පැළැස්තර දමා තවත් වරක් ජනතාව මුලා කිරීමට සැලසුම් කරමින් සිටින අතර එම උත්සහය පරාජය කිරීමට දේශපේ‍්‍රමී සියලූ පක්ෂ සමග අත්වැල් බැදගැනීමට තමන් සූදානම් බවද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේය.

ජනතා හිතවාදී ලෙස ව්‍යවස්ථාව වෙනස් කිරීමේ පූර්ණ වගකීම ඉදිරි පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ සන්ධාන රජයට පැවරෙන බවද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භකර ඉතාම කෙටි කාලයකින් පැවැති පළාත් පාලන මැතිවරණයේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන පක්ෂ සමඟ පූර්ණ අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කරමින් විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබාගැනීමට සමත් වූ අතර එහි තවත් එක් පියවරක් ලෙස පාර්ලිමේන්තුව නියෝජනය නොකරන සහ මෙතෙක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව කටයුතු නොකල පක්ෂ දහයක් සමග මෙහිදී අවබෝධතා ගිවිසුම් අත්සන් කළ බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කියා සිටියේය.

ඒ අනුව ඉදිරි මැතිවරණවල දී මෙම සියලූ දේශපාලන පක්ෂ සමඟ එක්ව කටයුතු කරමින් පුළුල් දේශපාලන සන්ධානයක් බිහිකිරීම නුදුරු දිනයකදී සිදු කිරීමට නියමිතය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් මහතා අවබෝධතා ගිවිසුම් සදහා අත්සන් තබන ලදී.

මව්බිම ජනතා පක්ෂය වෙනුවෙන් හේමකුමාර නානයක්කාර, තමිල එක්සත් නිදහස් පෙරමුණ වෙනුවෙන් විනයාගමූර්ති මුරලිදරන් මහතා, ලංකා කම්කරු එක්සත් පෙරමුණ වෙනුවෙන් සතාසිවම් මහතා, ලිබරල් පක්ෂය වෙනුවෙන් කමල් නිශ්ශංක මහතා, නව සිහළ උරුමය වෙනුවෙන් සනත් මනමේන්ද්‍ර මහතා, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික ව්‍යාපාරය වෙනුවෙන් අරුණ ද සොයිසා මහතා, භූමිපුත‍්‍ර පක්ෂය වෙනුවෙන් සරත් විජේරත්න මහතා, එක්සත් ලංකා මහා සභාව වෙනුවෙන් ජයන්ත කුලතුංග මහතා, ඊලවර් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ වෙනුවෙන් ඒස්. ජේ තුෂ්යන්තන් මහතා, මුස්ලිම් උලමා පක්ෂය වෙනුවෙන් මුබාරක් අබ්දුල් මජීඞ් මහතා මෙම අවබෝධතා ගිවිසුම් සඳහා අත්සන් කරනු ලැබීය.

 

Post Views: 9
Previous Post

නව පෙරමුණ යටතේ ඉදිරි වසර 5 රට ඉදිරියට ගෙන යනවා – අගමැති

Next Post

ක්‍රිකට් ක්‍රිඩාව රැක ගන්න මාලිංගත් මාත් එක්ක එකතු වෙයි ..! අර්ජුන

editor

editor

Next Post

ක්‍රිකට් ක්‍රිඩාව රැක ගන්න මාලිංගත් මාත් එක්ක එකතු වෙයි ..! අර්ජුන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved