27 July 2024
#දේශීය

නුසුදුසු තත්ත්වයේ බිළිඳ සනීපාරක්ෂක තුවා විකිණීමේ ජාවාරමක් වටලයි

කල් ඉකුත්වූ හා ඇසුරුම් භාවිතයට නුසුදුසු තත්වයේ තිබෙන කුඩාදරුවන්ගේ සනීපාරක්ෂක තුවා නැවත නව අසුරන තුළ ව්‍යාජ ලෙස අසුරා වෙළඳපොලවෙත යවන මහා පරිමාණ ජාවාරමක් කොටුකර ගැනීමට පාරිභෝගික අධිකාරිය අද (17) සමත්විය.

කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ තොග ගබඩාවක දිගුකලෙක සිට පවත්වාගෙන ගොස් තිබුනු මෙම ජාවාරම පිළිබඳව පාරිභෝගික අධිකාරියට ලද තොරතුරකට අනුව පාරිභෝගික අධිකාරියේ සභාපති ආචාර්යය ලලිත් සෙනවීර මහතාගේ උපදෙස් මත පාරිභෝගික අධිකාරියේ නිළධාරීන් විසින් මෙම වැටලීම සිදුකොට තිබුනි.

චීනයෙන් ගෙන්වනු ලබන මෙම බිලිඳු සනීපාරක්ෂක තුවා මෙම ගබඩාවේ සිට දිවයින පුරා වෙළදසැල්වලට බෙදාහරිනුලබන බවත් එම වෙළදසැල්වල තිබී කල් ඉකුත්වන හා භාවිතයට නුසුදුසු මට්ටමට පත්වන මෙම බිළිදු සනීපාරක්ෂක තුවා නැවත මෙම ස්ථානයට ගෙනවිත් කූට ලෙස නැවත අසුරා දින වෙනස් කොට නැවත වෙළද පොලට යවන බවත් මෙහිදී හෙළිවී ඇත.

අදාල ගබඩාවට පාරිභෝගික අධිකාරියේ නිළධාරීන් සීල් තබා ඇති අතර අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *