• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

රාවණ – 1 චන්ද්‍රිකාව පෘථිවියට කිලෝමීටර 400 ක දුරින් කක්ෂගත කරයි

17 June 2019
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව අභ්‍යාවකාශ පර්යේෂණ ක්ෂේත්‍රයට පිවිසීම සනිටුහන් කරමින් ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරුවන් දෙදෙනෙකු විසින් ජපානයේ ද සහයෝගය මත ජපානයේ ක්‍යුෂු තාක්ෂණික අධ්‍යයන ආයතනයේ දී (Kyushu Technical Institute) නිර්මාණය කළ, ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ රඳවා තිබූ රාවණ -1 නැනෝ චන්ද්‍රිකාව අද (17) දින ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව. 3.45 ට පෘථිවියට කිලෝමීටර 400 ක දුරින් පිහිටි කක්ෂයකට මුදාහැරීම සිදුවිය.

අභ්‍යාවකාශ පර්යේෂණ ක්ෂේත්‍රයෙන් අප රට ළඟාකරගත් සුවිශේෂී ජයග්‍රහණය වන මෙරට ප්‍රථම චන්ද්‍රිකාව නිර්මාණය වන්නේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය 2014 වර්ෂයේ දී ආරම්භ කළ දිගුකාලීන අභ්‍යාවකාශ තාක්ෂණ සංවර්ධන වැඩසටහනේ එක් පියවරක් ලෙසිනි.

ඒ අනුව, නවීන තාක්ෂණ පිලිබඳ ආතර් සී.ක්ලාක් ආයතනය, ජපානයේ කියුෂු තාක්ෂණ ආයතනය සමඟ 2017 වසරේදී එළඹී සහයෝගීතා පර්යේෂණ ගිවිසුමට (Cooperate Research Agreement) අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් නැනෝ චන්ද්‍රිකාවක් නිර්මාණය කිරීමේ පර්යේෂණ කටයුතු සඳහා එක් පූර්ණ ශිෂ්‍යයත්වයක් ආතර් සී. ක්ලාක් ආයතනයේ පර්යේෂණ ඉංජිනේරු දුලානි චාමිකා මෙනවිය වෙත හිමි විය. ඊට අමතරව මුදල් ගෙවන සාමාජිකයෙකු ලෙස ආතර් සී.ක්ලාක් ආයතනයේ පර්යේෂණ ඉංජිනේරු තරිදු දයාරත්න මහතාවත් රජය විසින් මේ කාර්යයට ඉදිරිපත් කරන ලද අතර, මෙම නැනෝ චන්ද්‍රිකා ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 21.5 ක් ශ්‍රී ලංකා රජය විසින් වැය කර තිබේ.

ජපානයේ කියුෂු තාක්ෂණ ආයතනය මගින් ලෝකයේ චන්ද්‍රිකා තාක්ෂණය මෙතෙක් යොමු නොවූ රටවල් සඳහා අවස්ථාව ලබා දෙන BIRDS නමින් ව්‍යාපෘතියක් දියත් කරනු ලබයි. ඒ යටතේ BIRDS – 3 නම් වූ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාව, නේපාලය සහ ජපානය යන රටවල් වෙනුවෙන් නැනෝ චන්ද්‍රිකා තුනක් නිර්මාණය කිරීමේ පර්යේෂණ කටයුතු සිදු කරනු ලැබීය.

මෙම BIRDS – 3 ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාව වෙනුවෙන් නිර්මාණය කරන ලද රාවණ – 1 චන්ද්‍රිකාව, නේපාලය වෙනුවෙන් වූ NepaliSat -1 සහ ජපානය වෙනුවෙන් වූ Uguisu යන චන්ද්‍රිකා ත්‍රිත්වය අප්‍රේල් මස 18 වන දින ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යවා ජපානයේ අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට අයත් කොටසෙහි රඳවා තබනු ලැබීය. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට KIBO පර්යේෂණ මොඩියුලය ආධාරයෙන් ජුනි 17 වන දින (අද දින) ප.ව. 3.45 ට පෘථිවියට කිලෝමීටර 400 ක දුරින් පිහිටි කක්ෂයකට මුදාහැරීම සිදුකරන ලදි.

මෙම අවස්ථාව චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සජීවීව ප්‍රදර්ශනය කිරීමට ආතර් සී. ක්ලාක් ආයතනය කටයුතු කළ අතර ඒ සඳහා විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ද සහභාගී විය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකාව අභ්‍යවකාශය ජය ගැනීම පිළිබඳව ජාතියක් වශයෙන් ආඩම්බර විය හැකි බවයි. එසේම මෙවැනි නිර්මාණශිල්පීන් දිරිමත් කරමින් ඉංජිනේරුවන් දෙපලට ආචාර්ය උපාධි හැදෑරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන බවත්, ඉදිරියේදී මීට වඩා ඉහළ ප්‍රමාණයේ චන්ද්‍රිකා නිර්මාණය කිරීම සඳහා ජපානය, රුසියාව, ජර්මනිය, ඉරානය වැනි රටවලින්ද අවශ්‍ය සහයෝගය ලබාගනිමින් අපේ රටේ සංවර්ධනය සඳහා අවශ්‍ය චන්ද්‍රිකා දත්ත ලබා ගැනීම සඳහා කටයුතු කරන බවත් ඔහු පැවසීය.

 

 

Post Views: 4
Previous Post

නුසුදුසු තත්ත්වයේ බිළිඳ සනීපාරක්ෂක තුවා විකිණීමේ ජාවාරමක් වටලයි

Next Post

කොදෙව් පිල පරදා බංග්ලාදේශය කඩුලු 07කින් ජය ගනී

editor

editor

Next Post

කොදෙව් පිල පරදා බංග්ලාදේශය කඩුලු 07කින් ජය ගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වීදි ළමයින් සඳහා රුපියල් පන්දහසක දීමනාවක්

වීදි ළමයින් සඳහා රුපියල් පන්දහසක දීමනාවක්

14 July 2025
“හරක් බණ්ඩා” අත් අඩංගුවට

“හරක් බණ්ඩා” අත් අඩංගුවට

14 July 2025
ප්‍රසන්න රණවීර යළිත් රිමාන්ඩ් බාරේ

ප්‍රසන්න රණවීර යළිත් රිමාන්ඩ් බාරේ

14 July 2025
භාතිය ඉක්මනින් සුව වෙයිද ? භාතිය ගැන ඇහෙන අලුත්ම ආරංචිය

භාතිය ඉක්මනින් සුව වෙයිද ? භාතිය ගැන ඇහෙන අලුත්ම ආරංචිය

14 July 2025

Recent News

වීදි ළමයින් සඳහා රුපියල් පන්දහසක දීමනාවක්

වීදි ළමයින් සඳහා රුපියල් පන්දහසක දීමනාවක්

14 July 2025
“හරක් බණ්ඩා” අත් අඩංගුවට

“හරක් බණ්ඩා” අත් අඩංගුවට

14 July 2025
ප්‍රසන්න රණවීර යළිත් රිමාන්ඩ් බාරේ

ප්‍රසන්න රණවීර යළිත් රිමාන්ඩ් බාරේ

14 July 2025
භාතිය ඉක්මනින් සුව වෙයිද ? භාතිය ගැන ඇහෙන අලුත්ම ආරංචිය

භාතිය ඉක්මනින් සුව වෙයිද ? භාතිය ගැන ඇහෙන අලුත්ම ආරංචිය

14 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වීදි ළමයින් සඳහා රුපියල් පන්දහසක දීමනාවක්

වීදි ළමයින් සඳහා රුපියල් පන්දහසක දීමනාවක්

14 July 2025
“හරක් බණ්ඩා” අත් අඩංගුවට

“හරක් බණ්ඩා” අත් අඩංගුවට

14 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved