27 July 2024
#විදෙස්

පාකිස්ථානයේ ප්‍රහාර දෙකක්

පාකිස්නයේ කරාචි නුවර පිහිටි චීන කොන්සල් කාර්යාලයට ඇතුළුවීමට උත්සහා කළ ” බලොච් විමුක්ති හමුදාව ” නැමැති කල්ලියේ පිරිසක් විසින් පාකිස්ථානයේ ආරක්ෂක නිලධාරින් දෙදෙනෙකු ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා සඳහන් කර සිටියේ එම අවස්ථාවේදී ” බලොච් විමුක්ති හමුදාවේ ” පුද්ගලයින් 03 දෙනෙකුද මිය ගොස් ඇති බවයි.

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් කාන් කියා සිටින්නේ චීන පාකිස්ථාන සහයෝගිතාවයට පළුදු කිරීමේ අරමුණින් මෙය සිදු කර ඇති බවට සැක පල කරන බවයි. එසේම ඒ සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන ලෙස පාකිස්ථාන පොලිස් අංශයට දැනුම් දීමක් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටි. ” බලොච් විමුක්ති හමුදාව ” යනු බලොච් ප්‍රාන්තයේ නිදහස සඳහා සටන්කරන බේදුම්වාදි කල්ලියකි.

එම ඝාතනයෙන් පසු ඉතා කෙටි කාලයකදී පාකිස්ථාන ඇෆ්ගනිස්ථාන දේශ සිමාව ආසනයේ පිහිටි ඔරක්සායි දිස්ත්‍රික්කයේ සති පොළක් ආසනයේදී මෝටර් සයිකලයක් පුපුරා යැවීම තුළින් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා කරයි.

 

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *