• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පෙට්‍රල් වැඩි කළාට ඩීසල් වැඩි කරන්නේ නෑ

11 October 2018
in ව්‍යාපාර

රජය විසින් ඉන්ධන මිල මාස්පතා තීරණය කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද මිල සූත්‍රයට අනුව මෙවර ඩීසල් ලීටරයක මිල රු. 11 කින් වැඩිකළ යුතුව තිබූ නමුදු මහජනතාවට, විශේෂයෙන් ප්‍රවාහන, ධීවර වැනි ක්ෂේත්‍රයන්ට ඇතිවන්නා වූ අහිතකර බලපෑම් සැලකිල්ලට ගෙන ඩීසල් මිල වැඩි නොකිරීමට රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

බොරතෙල් මිල සඳහා පවතින ජාත්‍යන්තර මිල සහ ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතය පදනම් කරගෙන දේශීය වශයෙන් ඉන්ධන මිල තීරණය කිරීම සඳහා 2018 මැයි මස 09 දින අමාත්‍ය මණ්ඩලය විසින් මිල සූත්‍රයක් හඳුන්වා දෙන ලදී.

ඒ අනුව, සෑම මසකම 10 වන දින මිල සංශෝධනය කිරීම පිළිබඳ තීරණය ගැනීම සඳහා පත්කර ඇති මිල සූත්‍ර කමිටුවට මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ප්‍රධානත්වය දරන අතර එම කමිටුවට ජනාධිපතිවරයාගේ නියෝජිතයෙක්, අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයෙක් සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ නියෝජිතයෙක් ඇතුළු සාමාජිකයන් 05 දෙනෙක් අයත් වේ.

අවසන් වරට මිල සූත්‍රය අනුව සැප්තැම්බර් මස 10 වන දින ඉන්ධන මිල සංශෝධනය කළ අවස්ථාවේදී ඇ.ඩො. 75 ක්ව පැවැති බොරතෙල් බැරලයක මිල අද වනවිට ඇ.ඩො. 84 දක්වා වැඩි වී ඇත. ජාත්‍යන්තරව ඉන්ධන මිල සීමාවකින් තොරව ඉහළ ගියහොත් සංවේදී ආණ්ඩුවක් ලෙස එහි වැයබර දැරීමට රජය සූදානම් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ පාර්ලිමේන්තුව අමතමින් පැවසීය. ඒ අනුව, ප්‍රවාහන සහ ධීවර ක්ෂේත්‍රයන්ට අහිතකර බලපෑමක් ඇති කළ හැකි බැවින් මෙවර ඩීසල් මිල වැඩි නොකිරීමට රජය තීරණය කරන ලදී.

ඔක්තෝම්බර් මස සඳහා මිල තීරණය කිරීමට රැස්වූ මිල සූත්‍ර කමිටුව විසින් අනෙකුත් ඉන්ධන මිල ඊයේ (10) බදාදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට තීරණය කරන ලදී. ඒ අනුව, රු. 149 ට අලෙවි කරන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු. 6 කින් වැඩිකර ඇත. රු. 161 ට අලෙවි කරන ලද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු. 8 කින් සහ රු. 133 ට අලෙවි කරන ලද සුපර් ඩීසල් ලීටරයක් රු. 8 කින් ද වැඩිකරනු ලැබ ඇත.

 

Post Views: 30
Previous Post

මිල සූත්‍රයකට වඩා ප්‍රශ්ණ ඇති බව අගමැති කියයි

Next Post

මානසික සෞඛ්‍ය නගා සිටුවීමට මාධ්‍ය මෙහෙවර වැදගත් – සුව ඇමැති කියයි

editor

editor

Next Post

මානසික සෞඛ්‍ය නගා සිටුවීමට මාධ්‍ය මෙහෙවර වැදගත් - සුව ඇමැති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved