• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පේර කොළයේ නොදත් ගුණ කන්ද – මේ රෝග වලින් ඔබ පෙළෙනවා ද?

12 March 2025
in දේශීය, වෙනත්
පේර කොළයේ නොදත් ගුණ කන්ද –  මේ රෝග වලින් ඔබ පෙළෙනවා ද?
0
SHARES
45
VIEWS
Share on FacebookShare on Twitter

පේර කොළ ගැන ඔබ නොදත් ගුණ….

පේර කොළ තම්බලා ඒ වතුරෙන් හිස කෙස් සෝදන්න හිසකෙස් ගැලවීයාම සදහටම නතරවෙයි….

පේර කියන්නේ අපි හැමෝම දන්නා රසවත් ගුණවත් පලතුරක් .බොහෝ නිවෙස්වල පේර ගසක් දකින්නට හැකියාව ලැබුණත් පේර ගෙඩි පලතුරු විදියට ආහාරයට ගන්නවා හැර පේර කොළවලින් නම් නිසි ප්‍රයෝජනයක් ගන්නේ නැතුව ඇති. නමුත් පේර කොළ සතුව ඉතාමත් වටිනා ඖෂධීය ගුණයන් බොහොමයක් අන්තර්ගත වෙනවා. හිසකෙස්වලට සමට වගේම සිරුරේ නීරෝගි පැවැත්මටත් පේර කොළ අපිට භාවිතා කරන්නට පුළුවන්. ඉතින් අද අපි කතා කරමු මේ පේර කොළවලින් ලබාගත හැකි සෞඛ්‍යමය ප්‍රතිලාභ පිළිබඳව.

පේර ගෙඩිවල වගේම කොළවලත් විටමින් A, C, B 2, පොටෑසියම්, තන්තු සහ ලයිකොබින් යන පෝෂක සංඝටක අන්තර්ගත වෙනවා. ඒ වගේම ක්ෂුද්‍ර ජීවී නාශකයක් ලෙසත් ක්‍රියා කරන්නට මේ පේර කොළවලට හැකියාව පවතිනවා.මේ පේර කොළ තම්බා හෝ අඹරා යුෂ ආදිය ගැනීමෙන් බාහිරව ආලේප කරන්නත් ඒ හැරුණාම තේ පානයක් ලෙස තම්බා පානය කිරීමත් නිරෝගී පැවැත්මක් සඳහා අපිට උදව් වෙනවා. ඒ විතරක් නෙවෙයි දිගුකාලීනව ඇතිවන කැස්ස සඳහා පේර කොළ කැඳ ඉතාම ගුණදායක ඔසුවක් ලෙස එදා සිටම පැවතුණා. ඒ හැරුණාම සතියකට දවසක් හෝ පේර කොළ කැඳක් පිසගෙන පානය කළ හැකිනම් එය ඔබේ නීරෝගි බවට විශාල අත්වැලක් ලැබෙනවා නොඅනුමානයි.

පෙර දළු කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය

පේර කොළ ග්‍රෑම් 250 ක් පමණ
හීනටි සහල් මිටක්
සුදු ළූණු බික් 3 ක්
රතු ළූණු ගෙඩි 2 ක්
ඉඟුරු
මිටි කිරි කෝප්පයක් සහ දියකිරි
කරපිංචා කොළ මිටක්
කුරුඳු පොත්තක්
ගම්මිරිස් ඇට 2-3 ක්
දෙහි යුෂ තේ හැන්දක්
රස අනුව ලුණු

සාදා ගන්නා ආකාරය
ගලායන ජලයෙන් හොඳින් සෝදා පිරිසිදු කරගත් පේර කොළ කරපිංචා කොළ සමඟ බ්ලෙන්ඩර් කරගෙන යුෂ ලබා ගන්න.ඉඟුරු, සුදු ළූණු, ගම්මිරිස් ඇට යන්තම් තලා එයට ලියාගත් රතු ළූණු එකතු කරන්න. හීනටි සහල් සෝදා වතුර දමා එයට තලාගත් ඉඟුරු සුදු ළූණු ගම්මිරිස් හා කුරුඳු පොත්ත සහ ලියාගත් රතු ළූණු එකතු කර පිස ගන්න.බත ඉදුණු පසු එයට මිටිකිටි දමා පිස කොළ යුෂ දමා විනාඩියක් පමණ උතුරුවා ගන්න. ලිපෙන් ඉවත් කරගෙන අවශ්‍ය පමණට ලුණු සහ දෙහි යුෂ එක් කර උණුසුම්ව පානය කරන්න.

පේර කොළවලින් ලබාගත හැකි සෞඛ්‍යමය ප්‍රතිලාභ

හිසකෙස් වර්ධනය වේගවත් කරනු ලබයි.
හිසකෙස් වැටීම පාලනය කරන සහ හිසකෙස් වර්ධනය වීම වේගවත් කරන, හිස්සොරි පාලනය කරන අපූරු හැකියාවක් ඇති පේර කොළ පහත සඳහන් ආකාරයට ඔබට භාවිතා කරන්නට පුළුවන් .
පේර කොළ ජලයේ හොඳින් තම්බා ගෙන එය නිවෙන්නට තබා ඒ ජලයෙන් හිස සෝදා හරින්න.
තලපයක් වන සේ අඹරා ගත් පේර කොළ හිස් කබලේ හොඳින් ආලේප කර සම්බාහනය කර මදවේලාවකින් සෝදා හරින්න.
මෙය හිස්සොරි සඳහා වඩාත් සුදුසුයි .

සම දීප්තිමත් කරයි.
මුහුණේ ඇතිවන රැළි වැටීම, කළු ලප, සමේ ඇතිවන රතු ලප හා පැල්ලම් ආදී සමේ ගැටළු බොහොමයකටම අඹරා ගත් පේර කොළ මුහුණේ ආලේප කරන්න. එය වඩාත් තරුණ පෙනුමක් සඳහා වැදගත් වේවි.

විෂබීජ නාශක ගුණයෙන් සමන්විතයි.

කුරුලෑ ඇතිවීම වළක්වයි. පේර කොළ කුරුලෑ ඇතිවෙන්නට හේතුවන ඇසට නොපෙනෙන ජීවීන්ට ඉතා අහිතකර අතර පේර කොළ සතු ප්‍රති බැක්ටීරියා ගුණ මගින් කුරුලෑ ඇතිවීම අවම කරනු ලබනවා.

දත් රෝග සුව කරයි. දත් කැක්කුම සඳහා ක්ෂණික සහනයක් පේර කොළ කිහිපයක් සැපීමෙන් ලබා ගන්නට පුළුවන්.

මුඛ දුර්ගන්ධය සහ විදුරුමස්වලින් ලේ ගැලීම සමනය කරයි.

මේ සඳහා පේර කොළ තම්බන ලද ජලයෙන් මුඛය දිනපතා සේදිය යුතුයි.

කෘමී විෂ නසයි. පේර කොළ අඹරා කෘමීන් දශ්ඨ කළ ස්ථානවල ආලේප කිරීමෙන් ඒ විෂ නැතිවී සුවය ලබාදෙනවා.

සීරීම්, කැපුම් තුවාල හා දද කුෂ්ට සුව කරයි.

පේර කොළ පානයෙන් ලබාගත හැකි සෞඛ්‍යමය වාසි

කැස්ස සමනය කරයි.

මුත්‍රා දැවිල්ල සමනය කරයි. මේ සඳහා ග්‍රෑම් 10 ක පේර කොළ යුෂ හා ග්‍රෑම් 50 ක මුද්දරප්පලම් එකට මුසුකොට උදෑසන සහ රාත්‍රියට පානය කරන්න.

පිළිකා ඇතිවීම වළක්වයි. ලයිකොෆීන්, ක්වෙර්සෙටින්, විටමින් C ඇතුළු ප්‍රතිඔක්සිකාරක පිළිකා සෛල වර්ධනයට එරෙහිව ක්‍රියා කරනු ලබනවා.

පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා හා පියයුරු පිළිකා ආදී තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීම සඳහා පේර කොළ පානය ඉතාම වැදගත්.

අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි.

දියවැඩියාව රෝගයට ගුණදායකයි. තන්තු බහුල වීම සහ අඩු ග්ලයිසමික් දර්ශකය හේතුවෙන් පේර කොළ දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩුකරන අතර රුධිරයේ සීනි මට්ටම හොඳින් නියාමනයට උපකාරී වෙනවා.

සිරුරේ බර අඩු කරගන්නට උපකාරී වෙයි.

අජීර්ණයට සහනය ලබාදෙයි. ඒ සඳහා පැය 8 ට වරක් පෙර කොළ තම්බාගත් ජලය පානය කළ යුතුයි.

තරබාරුව අඩු කරයි. ඒ නිසා සිරුරේ බර අඩු කර ඇඟ කෙට්ටු කරගන්නට පේර කොළ පානය ඉතාම සුදුසුයි.

රාත්‍රී අන්ධතාවය ඇතිවීම වළකා ඇස්වල සෞඛ්‍ය යහපත් කරන්නට උපකාරී කරයි.

අපූරු රසවත් පලතුරක් වන පේර ගෙඩිය පමණක් නොවෙයි පේර කොළවලින් අපිට අපේ සෞඛ්‍ය රැක ගන්නට රුව ලස්සන කරගන්නට ඇති හැකියාව ඉතා ඉහළ බව ඔබ දැන් දැනුවත්.

ඉතින් ඕනෑම ප්‍රදේශයක වැවෙන සුලබ පලතුරු ගසේ කොළත් අපේ ප්‍රයෝජනයට ඉතාම පහසුවෙන් භාවිතයට ගන්නට හැකියාව තිබියදීත් එය නොසලකා හැරීම සැබෑවටම අවාසනාවක්.

  • උපුටා ගැනීම – පෝරුව
Post Views: 41
Previous Post

අගමැති කාර්යාලයෙන් හදිසි අනතුරු ඇඟවීමක් !

Next Post

මාලිනී ෆොන්සේකා මහත්මියගේ පවුලේ ඥාතීන්ගෙන් දැනුම්දීමක්!

Editor TTV News

Editor TTV News

Next Post
මාලිනී ෆොන්සේකා මහත්මියගේ පවුලේ ඥාතීන්ගෙන් දැනුම්දීමක්!

මාලිනී ෆොන්සේකා මහත්මියගේ පවුලේ ඥාතීන්ගෙන් දැනුම්දීමක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025

Recent News

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved