• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා මෛත්‍රිපාලද…? බිල්ලක් … – ඇමැති හැරිසන්

1 April 2019
in දේශීය

මෙවර ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නැවතත් පොදු අපේක්ෂකයා කර ගන්නවාද -නැද්ද කියලා යෝජනාවක් තවම නැති බවත් පොහොට්ටුවෙන් එතුමාව ගෙනත් බිල්ලට දීලා මඟදී ලණුව අතහැරලා දමා ඇති බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ සීමාසහිත මහවැලි සත්ව ව්‍යාපාරික සමාගමේ සේවකසේවිකාවන් වෙත ප්‍රසාද දීමනා ප්‍රදානයට එක් වෙමින්.

අමාතවරයා කියා සිටියේ ජනාධීපතිවරයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ සමහර මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය තරමක් බිඳිලා ගොස් ඇති බවයි.

මහවැලි සත්ව ව්‍යාපාරික සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයක් වන අතර, අමාත්‍යවරයා යටතට පත්විමෙන් අනතුරුව සේවක අර්ථසාධක අරමුදල වෙනුවෙන් ලක්ෂ 65ක මුදලක් බැර කර ඇති බව අමාත්‍යවරයා පැවසිය.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය” ජාතික ආණ්ඩුවක් ගැන මේ දින වල කථා බහක් ඇති වෙනවා.අපි මුලින් කථා කලෙත් ජාතික ආණ්ඩුවක් ගැන, ඒ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමත්-අගමැතිතුමත් ගන්න තීන්දුවක් තමයි.ඒ දෙපළ ගන්නා ඕනම තීන්දුවකට අපි එකඟයි.මම දන්නා හැටියට එහෙම ජාතික ආණ්ඩුවක් සම්බන්ධයෙන් නිළ වශයෙන් සාකච්ජාවක් පැවැත්විලා නෑ.ඉදිරියේදී එහෙම සාකච්ජා පැවැත්වෙන්න පුළුවන්.අපි බලමු මොකක්ද වෙන්නේ කියලා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පහුගිය ජනාධිපතිවරණයේ අපේ පොදු අපේක්ෂකයා බවට පත් කර ගත්තා.මෙවර ජනාධිපතිවරණයට එතුමා පොදු අපේක්ෂකයා කර ගන්නවාද -නැද්ද කියලා යෝජනාවක් තවම ඇවිත් නෑ.මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකත්වය දෙනවා කියලා යෝජනාව ආවේ පොහොට්ටුව පැත්තෙන්, පොහොට්ටුවෙන් එතුමාව ගෙනත් බිල්ලට දීලා මඟදී ලණුව අතහැරලා දැම්මා.ඒකයි එතුමට කලේ.ඒ නිසා එතුමා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ සමහර මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය තරමක් බිඳිලා ගියා පහුගිය කාළයේ ඇති වුණ සිද්ධීන් එක්ක.අපිට සාකච්ජා කරලා බලන්න පුළුවන් එහෙම යෝජනාවක් ආවොත් යැයි අමාත්‍යවරයා පැවසීය.

 

 

Post Views: 11
Previous Post

පක්ෂ නායක රැස්වීමේදී ගත් එකගතාවය විපක්ෂය කැඩුවා – අමාත්‍ය ලක්ෂ්මන් කියයි

Next Post

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ රු. මි. 79ක් වටිනා ණය 46,673ක් නිකුත් කර අවසන්

editor

editor

Next Post

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ රු. මි. 79ක් වටිනා ණය 46,673ක් නිකුත් කර අවසන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved