• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මගේ අරමුණ පොඩි මිනිහා රජ කරවන්නයි – ජනපති අපේක්ෂක සජිත්

21 October 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

තමාගේ අරමුණ පවුල් පරපුර සැනසීම හෝ පවුලට බෙදාදීම නොව පොඩි මිනිහා රජ කරවීම බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (21) නාවලපිටියේ පැවැති ජන රැලිය අමතමින්. එහිදී ඒ මහතා මෙසේ අදහස් පල කර සිටියේය ” මගේ ප්‍රතිවාදියා කවුරුන් හෝ දුන් ලණුවක් ගිල දමා රුපියල් 350 පොහොර නොමිලයේ දෙන බව පැවැසුවා. 350කට පොහොර තියෙන්නේ කොහේද ? 150 වන රක්ෂණ ගාස්තුව ද සමඟ පොහොර මිටිය රුපියල් 500 ක් වනවා. මේ කතාවලින් ඔහු මහ පොළොවට පය ගසා නැති බව දැන ගත හැකියි. ඔහු පොහොර ලබාදෙන බව කියන්නේ එක් ගොවීන් පිරිසකට පමණයි. එළවළු පළතුරු ගොවීන්ට, තේ රබර් ගොවීන්ට, සුළු අපනයන භෝග ගොවීන් ඇතුළු සියලුම දෙනාට අප නොමිලේ පොහොර ලබාදීමට කටයුතු කරනවා.

මේ රට කරන්න. ඔය කියන සහන දෙන්න මුදල් තිබේ දැයි ඇතැමුන් අපෙන් අහනවා. අපට මුදල් තිබෙනවා. ශ්‍රී ලංකන් එයාර් ලයින් සඳහා මසකට කෝටි ගණනින් මුදල් පොම්ප කළ හැකිනම් ගොවීන් සඳහා නොමිලේ පොහොර දෙන්නට මට මුදල් තිබෙනවා. මගේ පියා පාසල් දරුවන්ට දිවා ආහාරය සහ නිල ඇඳුම් ලබා දුන්නා. මගේ ප්‍රතිවාදියා ඔහුගේ සමයේ දිවා ආහාරය කපා දැමුවා. මා ජනාධිපතිධුරයට පත්වූ පසුව නිල ඇඳුම් කට්ටල දෙකක් සහ දිවා ආහාරය ලබා දීමට කටයුතු කරනවා. දුප්පත්කම තුරන් කිරීම සඳහා සමෘද්ධි සහනාධාර වැඩසටහන් ක්‍රියාත්මක කරනවා වගේම ජනසවිය වැඩසටහනත් නැවත ක්‍රියාත්මක කරනවා. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම අප ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණ විද්‍යාගාර ආරම්භ කරනවා. නව තාක්ෂණය, රොබෝටික් තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය, පරිගණක තාක්ෂණය තොරතුරු තාක්ෂණය, ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය වැඩි කරන්නට කටයුතු කරනවා. දැනට මේ අවස්ථාවන් නිර්මාණයය වී තිබෙන්නේ අගනුවර එක්තරා පැළැන්තියක දූ දරුවන්ට පමණයි. සමානාත්මතාව වෙනුවෙන් පෙනී සිටින ජන හිතවාදියෙකු ලෙස සීමිත පන්තියකට තිබෙන වරප්‍රසාද සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම ගෙන එන්නට කටයුතු කරනවා. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශයකම කර්මාන්තපුර ආරම්භ කරනවා. තාරුණ්‍යය සඳහා ගමේම රැකීරක්ෂා නිර්මාණය කිරීම අපගේ අරමුණයි.

මගේ සිරුරේ සෑම ලේ නහරයක ම ගමන් කරන්නේ රණසිංහ ප්‍රේමදාස ලේ බව සඳහන් කළ යුතුයි. ඒ නිසා මා දෙන පොරොන්දු ගැන සැකයක් ඇති කර ගන්නට එපා. රට සංවර්ධනය කරන රුධිරය මගේ ඇඟේ ගමන් කරනවා. ප්‍රේමදාස ජානවලින් ශක්තිමත් වූ මා දිවා රෑ නොබලා මෙරට ජනතාව රකින බවට ප්‍රතිඥා දෙනවා. රටේ සංවර්ධනය ශීඝ්‍රගාමීව ක්‍රියාත්මක කරන්නට ජවය මෙන්ම හැකියාව අවශ්‍යයි. අප නොනිඳන ශ්‍රී ලංකාවක් ගොඩ නගනවා. ශීඝ්‍රගාමී සංවර්ධනයක් ක්‍රියාත්මක කරන ලංකාවක් ගොඩ නගනවා. නොනිදන ශ්‍රී ලංකාවක් යනු තත්පරයෙන් තත්පරය දියුණුව කරා යන ශ්‍රී ලංකාවක් බව කිව යුතුයි . මොහොතින් මොහොත උසස් සංවර්ධන ඉලක්ක ලබන ශ්‍රී ලංකාව අපි ගොඩනගනවා. පොදු ජනතාවගේ මිනිසෙක් වන මට පවුල් බලයක් නැහැ. අද මා සමග ලොකු පවුලක් මේ ඡන්ද සටනට පැමිණ තිබෙනවා. එළඹෙන ජනාධිපතිවරණයේදී මා පොදුජන බලයෙන් ජන ශක්තියෙන් පවුල් බලය පරාජය කරනවා. ඔවුන්ගේ සැලසුම් ගැන මොහොතකට සිතා බලන්න. මල්ලි ජනාධිපති. අයියා අගමැති. මුදල් අමාත්‍යවරයා තවත් මල්ලි කෙනෙක්. ආර්ථික ඇමති අයියා. වනිතා ඇමති නෝනා, තරුණ ඇමති පුතා. රටේ පොදු ජනතාව බලා බලාපොරොත්තු වන්නේ මෙය ද? ඔවුන්ගේ අරමුණ වන්නේ මුළු රටම සින්නක්කර ඔප්පුවකින් වෙන් තම පවුලට ලියා ගන්නයි. මම තනියම ඉන්නවා . එයාට පවුල් පරම්පරාවක් සිටිනවා.

මගේ උදාර කණ්ඩායම සමඟ එක්ව අප අනිවාර්යයෙන්ම පවුල් බලය පරාජයට පත්කොට පොදු ජනයාගේ යුගය බිහි කරනවා. මේ ජනාධිපතිවරණය ව්‍යාපාරය වෙනුවෙන් මා රැස්වීම් 151 ක් පවත්වනවා. මට හොඳට දුවන්න හැකි ශක්තිය තිබෙනවා. හොඳ එන්ජිමක් තිබෙනවා. හොඳ ඩයිනමෝවක් තිබෙනවා. මට තිබෙන්නේ නැවති නැවතී ගස්ස ගස්සා යන ඩයිනමෝවක් නොවේ. මට තිබෙන්නේ ” සුපර් එන්ජිමක් ” . නමුත් මගේ සුපර් ඩයිනමෝව ගැහි ගැහි යන කාලයක් එළඹෙනවා. ඒ කාලයේ දී සජිත් ප්‍රේමදාස දේශපාලනය කරන්නේ නැහැ. රටේ තාරුණ්‍යට වගකීම් භාරදී මා පසෙකට වෙනවා. මේ මගේ හොඳම කාලයයි. ජවය ඇති ශක්තිමත්ම කාලයයි. අලුත් ජවයට, ශක්තියකට දර්ශනයකට, බලය දෙන්න. ගැහි ගැහි යන අයකුට රට පාවා දෙනවා වෙනුවට ජවසම්පන්න මිනිසකුට ඔබ රටේ වරම ලබා දෙන්න.

ඡන්ද සමයේ ආසනයක් අසනයක් ගානේ ආවා මෙන්ම මා ජනාධිපතිධුරයට පත්වූ පසුව සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම සංවර්ධන ඒකක පිහිටුවා ඒ තුළින් ඔබට මා සමඟ සම්බන්ධ විය හැකි ක්‍රමවේදයන් නිර්මාණය කරනවා. ඈත ගම්වල සිදුවන සංවර්ධන කටයුතු මෙන්ම සියලු දේ මා විසින් පෞද්ගලිකවම සොයා බලනවා . මගේ ප්‍රතිවාදීන්ට මෙන් මට පවුල් සංග්‍රහයක් නැහැ. ජනාධිපති ධුරයට පත්වූ පසුව මගේ පවුලේ කිසිම කෙනෙක් පැත්ත පළාතට ගෙන්න ගන්නේ නැහැ. මගේ අරමුණ පවුල් පරපුර සැනසීම නොවේ. පවුලට බෙදාදීම නොවේ. අප තනතුරු දෙන්නේ හිතවත්කමට නොව දක්ෂතාවයට සහ කුසලතාවයට බව කිව යුතුයි. මා කල් ඉකුත් වූ භාණ්ඩයක් නොවේ . කල් ඉකුත් වූ විට මා දේශපාලනය කරන්නේ නැහැ. මේ මැතිවරණයේදී මැරකමට ඉඩ දෙන්න එපා. ජනපතිවරණයෙන් මා ජයග්‍රහණයත් සමග පොඩි මිනිසාගේ යුගයක් බිහි කරමු.

 

Post Views: 3
Previous Post

අපි ගෙන්නේ සරළ බදු ක්‍රමයක් – ගෝඨා කියයි

Next Post

ඉදිරි උත්සව සමයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අඩු කෙරේ – අමාත්‍ය පී. හැරිසන්

editor

editor

Next Post

ඉදිරි උත්සව සමයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අඩු කෙරේ - අමාත්‍ය පී. හැරිසන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved