27 April 2024
#ව්‍යාපාර

ඉදිරි උත්සව සමයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අඩු කෙරේ – අමාත්‍ය පී. හැරිසන්

ඉදිරි උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අඩු කිරීමට තීරණය කර ඇති බව ජීවන වියදම් කමිටුවේ සභාපති අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
අමාත්‍යවරයා අද (21) කියා සිටියේ දැනට රුපියල් 450-500ත් අතර පවතින වියළි මිරිස් කිලෝවක මිල අඩු කිරීම උදෙසා ආනයනික වියළි මිරිස් කිලෝවක් සඳහා වන බද්ද රුපියල් 25 සිට 05 දක්වා රුපියල් 20කින් ද, ආනයනික මාළු කිලෝවක් සඳහා වන බද්ද රුපියල් 100 සිට 25 දක්වා රුපියල් 75කින් අඩු කිරීමට ජීවන වියදම් කමිටුව තීරණය කර ඇති බවයි.

මේ අතර ඉදිරි උත්සව සමය වෙනුවෙන් පවතින කුකුළු මස් හා බිත්තර මිල පාලනය උදෙසා කුකුළු මස් හා බිත්තර ආනයනයට ද මෙහිදී අනුමැතිය හිමිව ඇති බව අමාත්‍යවරයා පැවසිය.

එමෙන්ම රජයේ ගබඩාවන්හි පවතින වී තොග මෙට්‍රික් ටොන් 48,000ක ප්‍රමාණය සුළු හා මධ්‍යම ප්‍රමාණයේ වී මෝල් හිමියන් මඟින් ඉතා ඉක්මනින් සහල් කොට සතොස හරහා නාඩු කිලෝවක් රුපියල් 80ක් ද, සම්බා කිලෝවක් රුපියල් 85ක මිලට ද අලෙවි කිරීමට තීරණය කළ බව අමත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *