27 July 2024
#දේශීය

මම සජිත්ට සහාය දෙනවා … පුළුවන්නම් අයින් කරන්න – ඇමැති හරින්

ඉදිරි ජනාධිපතිවරණයට සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා දෙන බව ක්‍රිඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවුසවේ සුගතදාස ජාතික ක්‍රිඩා සංවර්ධන අධිකාරියේ සංවර්ධන කටයුතු කිහිපයක් විවෘත කිරිමේ සඳහා පැමිණි අවස්ථාවේදිය.

එහිදී මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්ණවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය දිනක අග්‍රාමාත්‍යවරයා වෙත දෙදෙනෙකු විසින් තමාව ක්‍රිඩා අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලීමක් කර ඇති බවයි.

ඔවුන් පවසා ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාව සහාය ලබා දීම නිසා අමාත්‍ය ධුරයන් තමාව ඉවත් කරන ලෙසයි. තමාට අමාත්‍ය ධුරයන් වැඩක් නොමැති බවත් සජිත්ට තමා සහාය දෙන බව පැවසු බව හරින් පැවසිය. පක්ෂයක් හැටියට එකට සිටිය යුතු බවත් දිනන්න පුළුවන් අපේක්ෂකයෙක් පත් කරන ලෙස තමා සියළු දෙනාට පවසන බව හරින් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *