27 April 2024
#දේශීය

රාජ්‍ය සේවයට එන්න කට්ටිය පොරකනවා – ඇමැති තලතා

රාජ්‍ය සේවයට එන්න ගොඩාක් අය පොරකනවා, හැබැයි රාජ්‍ය සේවය රෝස මල් යහනාවක් කියලා නම් හිතන්න එපා යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ කාර්යාල කාර්ය සහායක සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගත් 119 දෙනෙකු සදහා නවක පත්වීම් ලිපි ලබාදීමේ අවස්ථාවට අද (02) අමාත්‍යාංශයේ දී එක්වෙමින්.

එහිදි තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරිය ” රාජ්‍ය සේවයට එන්න ගොඩාක් අය පොරකනවා.හැබැයි රාජ්‍ය සේවය රෝස මල් යහනාවක් කියලා නම් හිතන්න එපා.පළමු වැනි කරුණ තමයි ඔබ මතක තියා ගන්න ඔබ රටට ණයයි.මොකද ඔබ නොමිලේ නිදහස් අධ්‍යාපනය ලබපු උදවිය.ඔබගේ කැපවීම මහන්සිය තුළ ඉදිරියට යන්න පුළුවන්.අද රාජ්‍ය සේවයේ පහළම ස්ථානයක රැකියාවක් ලබන ඔබට ඉහළටම යාමේ හැකියාව තිබෙනවා. විශ්‍රාම ගියහම විශ්‍රාම වැටුපක් ලැබෙනවා.ඔබ මිය ගියොත් නෝනාට හරි මහත්තයාට හරි අනත්දරු විශ්‍රාම වැටුපක් ලැබෙනවා.බලන්න ඔබ කොයිතරම් රටට ණය ද.අපි දේශපාලනය කරන්නේ ප්‍රති පත්ති අනුවයි.ඔබ මුල අමතක කරන්න එපා.ඔබ ඇවිල්ලා ඉන්නේ ජනතාවට සේවය කරන්න.අපිට පක්ෂ වැඩක් නැහැ.පක්ෂය මොකක් වුණත් අපි මනුෂ්‍යයෝ කියලා හිතන්න.අනිත් අය වගේ නෙවෙයි ඔබ මේ ඇතුළු වෙන්නේ අධිකරණයේ සේවයටයි.අධිකරණයේ සේවය ගෞරවයෙන් කරන්න ඕන යැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළාය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *