• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහජනතාවගේ ආණ්ඩුවක් පිහිටුවන්න අපිට බලය දෙන්න – ජවිපෙ

9 July 2019
in දේශීය

ජවිපෙ පාලනයක් යටතේ සැබෑ ලෙසම නීතිය ක්‍රියාත්මක වෙන රාජ්‍යයක් හදන බවත් සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජාතිකත්වයන් ආමන්ත‍්‍රණය කළ හැකි දේශපාලන ව්‍යාපාරයක් සහතික කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පෙරමුණ විසින් පසුගිය 07 වනදා ආරම්භ කළ වීදී පිරෙන පාද සටන මහජන රැළිය ඊයේ (08) නුගේගොඩ නගරයෙන් අවසන් විය. එහිදී ජනතාව ඇමතු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජවිපේ නායක අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ තම පක්ෂයට බලය ලබා දෙන ලෙසයි. ජනතාව අතේ තියෙන බලය ජනතා විමුක්ති පෙරමුණට බාර දෙන ලෙසත් මේ රටට ආදරය කරන ආණ්ඩුවක්, මහජනතාවගේ උවමනාකම් නියෝජනය කරන ආණ්ඩුවක්, මහජනතාවට තමන්ගේ යැයි හිතෙන ආණ්ඩුවක් පිහිටුවීමට ජනතා විමුක්ති පෙරමුණ සමග අත්වැල් බැඳගන්නා ලෙස ඉල්ලා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු අනුර කුමාර දිසානායක මහතා ” අපි රනිල්ටත් මහින්දටත් අභියෝගයක් කරනවා, 2015 ජනවාරි 09 උදේ පාන්දර මහින්ද හිටපු අරලියගහ මන්දිරයට ගිහින් කළ රහස් සාකච්ඡාව මොකද්ද කියන්න කියලා. අවුරුදු හතරහමාරක් පුරා දෙන්නාම රටට කිවුවෙ නැහැ. ඇත්තටම මහින්ද ඉල්ලූවෙ බලය අතඇරලා යන්නම් තමන්ගෙ පවුලෙ අයට විරුද්ධව මොකුත් කරන්න එපා කියන එකයි. පහුගිය ඔක්තොබර් 26න් පස්සෙ රනිල් අරලියගහ මන්දිරේ කොටුවෙලා ඉන්න වෙලාවෙ ගොඨාභය රාජපක්ෂ ගිහින් රනිල් මුණගැහුණා. අදටත් දෙන්නා ඒ ගැන කියන්නෙ නැහැ. ඇත්තටම ගෝඨාභය කිවුවෙ රනිල්ව ආරක්ෂා කරනවා කියන එකයි. කළගුණ සැලකුවා. මේ ආණ්ඩුව ජනතා වරමට පටහැණිව ඝාතකයන්, හොරුන්, වංචනිකයන් ආරක්ෂා කළා. මේ රටේ වංචා දුෂණ හෙළිදරව් කළේ ජනතා විමුක්ති පෙරමුණයි. රවීට ඇමතිකම නැති වුණේ කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුනනෙත්ති සහෝදරයා විසින් මහ බැංකු පරීක්ෂණ ඉදිරියට ගෙන ගිය නිසයි. රටට ලැබිය යුතු මුදල් ඇවන්ට්ගාඩ් හොර සමාගමකට හැරවීමට එරෙහිව ජ.වි.පෙ. පාර්ලිමෙන්තුවේ දවසක විවාදයක් ගෙනාවා. තිලක් මාරපනට ඇමතිකම නැති වුණේ එතනදි ගෝඨාභය රකින්න ගියපු එකට එරෙහිව ජ.වි.පෙ. විශ්වාසභංගයක් ගෙන ආ නිසයි. අත්අඩංගුවට ගන්න අධිකරණ නියෝග නිකුත් කරලා තියෙද්දි හිටපු ජනධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානි ගාමිණී සෙනරත් සැඟවී සිටියේ එවකට පොලිස් ඇමති සාගල රත්නායකගේ නිවසේයි. මේ බව රටට හෙළිදරව් කළේ ජනතා විමුක්ති පෙරමුණයි. විමල් වීරවංශ හොර ගමන් බලපත‍්‍රයකින් රට යන්න ගිහින් අහුවුණාම රනිල් නීතිපතිට කියලා ඔහුව නිදහස් කරගත්තා.

ජ.වි.පෙ. අපට ආණ්ඩුව සමඟ කිසිදු ඩිල් එකක් නැහැ. අපි ඔක්තෝබර් 26 ආණ්ඩුව ඉවත් කිරීමේ කුමන්ත‍්‍රණයට එරෙහිව පාරට බැස්සා. එහි සාධාරණත්වය ශ්‍රේෂ්ධිකරණ විනිසුරුවරුන් 07දෙනෙක් විසින් සනාථ කළා. අපි රනිල් – මෛත‍්‍රී ආණ්ඩුව ගෙදර යවන්නේ නැවත රාජපක්ෂ පාලනයක් ගෙන ඒමට නෙමෙයි; රට ගොඩනගන ජනතාවාදී ආණ්ඩුවක් ගොඩනැගීම වෙනුවෙනුයි. බලය තිබෙනනේ, ජනතාව සතුවයි. ජනාධිපති මන්දිරයේ හෝ අරලියගහ මන්දිරයේ නෙමෙයි. එයට යන කෙනෙකුට බලය ආරූඪ වෙනවා නෙමෙයි. එම බලයේ උල්පත ජනතාවයි. ජනතාවගෙන් නොවිමසා බලය ගන්න ගිහින් මහින්දලාට ලැජ්ජා වෙන්න සිද්ධ වුණා. මහින්ද රාජපක්ෂ දින 52 අගමැති වුණා. විමල්ලා, ගම්මන්පිලලා විනාඩි 45 ඇමතිවරු වුණා. රනිල්ලාට මහින්දලාට තමන්ගේ අනුප‍්‍රාප්තිකයන්ට තමන්ගේ පෞද්ගලික දේපළක් දෙන්න පුළුවන්. ඒත් රටක් එහෙම දෙන්න බැහැ. අපි රනිල්ගෙන් හෝ මහින්දගෙන් බලය ඉල්ලා ගන්නවා නෙමෙයි. අපි බලය ඉල්ලා ගන්නේ ජනතාවගෙන්. අපට එය කළ හැකියි. 71 පරම්පාරවේ අපේ නායකයින්, පැරණි වමේ පක්ෂවලින් ඉවත් වූවන්, සුන්දර අදහස් ඇති යෞවනයින්, නිර්මාණශීලී කලාකරුවන්, දක්ෂ වෘත්තිකයින් එකතු කරගෙන එළඹෙන ජූලි 14වැනි දින බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී නව සංවිධානයක් පිහිටුවනවා. මීළ`ගට රටේ බලය හුවමාරු කරන බලවේගය වන්නේ එයයි.
අපට පැවරී තිබෙන්නේ දේශපාලන කළමනාකරණ කොටසයි. රටේ ආර්ථිකයේ එක් එක් ක්ෂේත‍්‍රයන් වසර 05ක් තුළ ක‍්‍රියාත්මක කළ යුතු ඉලක්ක සකස් කළ යුත්තේ දේශපාලන කළමනාකරණයෙනුයි. ඒ සැලැස්මට අනුව ක්‍රියාත්මක විය යුත්තේ ඒ ඒ ක්ෂේත‍්‍රවල විශේෂඥයනුයි. කැපකිරීම් කළ හැකි විනයක් සහිත දේශපාලන නායකත්වයක් හා දේශපාලනයක් සහිත ජනතා විමුක්ති පෙරමුණට එම දේශපාලන කළමනාකරිත්වයට මැදිහත් විය හැකියි. දැන් විශාලතම වෘත්තිකයින්ගේ සංවිධානය ජවිපෙ සමග එකතු වී සිටිනවා. ඔවුන් ජවිපෙ සමග එකතුවී සිටින්නේ හදන පාලනයේ තනතුරු බලාගෙන නොවෙයි; රට ගොඩනැගීමට කැපවී සිටින වෘත්තිකයින් වශයෙනුයි.

අද ඇත්තේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්නයක් නොවෙයි; මහජන ආරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්නයක්. එසේ වී තිබෙන්නේ ජාතිකත්වයන් අතර අවිශ්වාසය හා සැකය වර්ධනය වන නිසයි. සිංහල හා මුස්ලිම් අන්තවාදය අප මෑතකදී අත්දැක්කා. මෙම තත්වයට මුහුණදිය හැක්කේ අන්තවාදය පරාජය කළ හැකි දේශපාලන ව්‍යාපාරයකට පමණයි. ජවිපෙ දේශපාලන න්‍යායපත‍්‍රයේ කිසිදු ජාතිවාදයකට, ආගම්වාදයකට ඉඩක් නැහැ. නීතියේ විධානයේ ආධිපත්‍යය සහතික කළ හැක්කේ ජනතා විමුක්ති පෙරමුණට පමණයි. අධිකරණයෙන් කට්ටි පනිමින් සිටින ගෝඨාභයලාට නීතියේ හා විධානයේ ආධිපත්‍යයේ තහවුරු කළ නොහැකියි. අපි මේ රටේ මහජනයාගේ මුදල් සතයක්වත් හොරකම් නොකළ මිනිස්සු. වංචාකාරී දේශපාලකයන් නොසිටින එකම දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ පමණයි. ජවිපෙ පාලනයක් යටතේ සැබෑ ලෙසම නීතිය කි‍්‍රයාත්මක වෙන රාජ්‍යයක් හදනවා. සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජාතිකත්වයන් ආමන්ත‍්‍රණය කළ හැකි දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ බව සහතික කරනවා. දැන් මේ රටේ ජනතාවට අපි කියන්නේ අපට බලය දෙන්න කියන එකයි. ජනතාව අතේ තියෙන බලය ජනතා විමුක්ති පෙරමුණට බාර දෙන්න. මේ රටට ආදරය කරන ආණ්ඩුවක්, මහජනතාවගේ උවමනාකම් නියෝජනය කරන ආණ්ඩුවක්, මහජනතාවට තමන්ගේ යැයි හිතෙන ආණ්ඩුවක් පිහිටුවීමට ජනතා විමුක්ති පෙරමුණ සමග අත්වැල් බැඳගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

Post Views: 4
Previous Post

ඇමැතිකම් ගන්නවාට වඩා වෙන වැඩක් තියෙන බව රිෂාඩ් කියයි

Next Post

පුජිත – හේමසිරි ඇප මත මුදා හැරේ

editor

editor

Next Post

පුජිත - හේමසිරි ඇප මත මුදා හැරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved