• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මානසික සෞඛ්‍ය නගා සිටුවීමට මාධ්‍ය මෙහෙවර වැදගත් – සුව ඇමැති කියයි

11 October 2018
in දේශීය

ජනතාවගේ මානසික සෞඛ්‍ය නගා සිටුවීමේ දී මාධ්‍යයට විශාල කාර්යභාරයක් ඉටු කළ හැකි බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

මානසික සෞඛ්‍ය පිළිබද අමාත්‍යවරුන්ගේ ප්‍රථම ගෝලීය සමුළුව බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර දී ඊයේ (10) අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා “ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය අත්දැකීම් බෙදාහදා ගැනීමට මෙම සමුළුව ඉතා වැදගත් වෙනවා. මානසික සෞඛ්‍ය සේවා ව්‍යාප්ත කිරීමේ දී මානව සම්පත් සංවර්ධනය අනිවාර්යයි. එම නිසා මානසික සෞඛ්‍ය වෛද්‍යවරුන් වැඩි කිරිමට විවිධ පියවර ගෙන තිබෙනවා. කාර්ය මණ්ඩල වැඩි කළ අතර, වෛද්‍යවරුන්ට විධිමත් පුහුණුවක් ද ලබාදුන්නා. හෙද හෙදියන්ට මානසික සෞඛ්‍ය පිළිබද වසරක ඩිප්ලෝමා පාඨමාලාවක් ක්‍රියාත්මක කළා. මානසික සෞඛ්‍ය පිළිබද වෛද්‍ය නිලධාරීන් දිස්ත්‍රික් මට්ටමින් පත් කරනු ලැබුවා. ජාතික මට්ටමේ සිට ග්‍රාමිය මට්ටම දක්වා පාසල්, ප්‍රජාව සම්බන්ධ කර ගනිමින් ජනතාව දැනුවත් කිරීමේ සංවර්ධන ව්‍යාපෘති දියත් කළා. ජංගම සායන, පුනරුත්ථාපන වැඩසටහන් දියත් කළා. ඒ සදහා ස්වේච්ඡා සංවිධානවල දායකත්වය ද හිමි වුනා. මානසික රෝගීන් පිළිබදව සමාජය තුල පවතින අයහපත් ආකල්ප තුරන් කළ යුතුයි. විවිධ මිථ්‍යා මත, මානසික රෝගීන් පහත් කොට කටයුතු කිරිම අවම කළ යුතුයි. එහිදී මාධ්‍ය විශාල මෙහෙවරක් කළ යුතුයි. ඒ සදහා මාධ්‍යයට හැකියාවක් තිබෙන බව මගේ හැගීමයි. මාධ්‍ය ආචාර ධර්ම වලට පටහැනි ලෙස මානසික සෞඛ්‍යයට අදාල ප්‍රවෘත්ති වාර්තාකරණයෙන් වැළකී සිටිය යුතුයි. විවිධ සංවේදී කරුණු, සියදිවි හානි කර ගැනීම්, ප්‍රචණ්ඩත්වය, මත්ද්‍රව්‍ය භාවිතය, වැනි කරුණූ වාර්ථා කිරීමේ දී මාධ්‍ය දැඩි අවධානය යොමු කළ යුතු වෙනවා. ශ්‍රී ලංකාව තුල දුම්කොළ භාවිතය අවම කිරිම සදහා ද විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. මානසික සෞඛ්‍ය නගා සිටුවීම ශක්තිමත් ලෙස සිදුවිය යුතුයි. සමාජීය හ සංස්කෘතිත අවබෝධයකින් මානසික සෞඛ්‍ය ගොඩනැංවිය යුතුයි. ජනතා අරගල, සියදිවි නසාගැනීම් වලට බලපාන හේතු හදුනා ගනිමින් ඊට පිළියම් යෙදිය යුතුයි.” යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

Post Views: 18
Previous Post

පෙට්‍රල් වැඩි කළාට ඩීසල් වැඩි කරන්නේ නෑ

Next Post

මොනරාගල අන්නාසි හා වැල්දොඩම් වගා සංවර්ධන කලාප දෙකක්

editor

editor

Next Post

මොනරාගල අන්නාසි හා වැල්දොඩම් වගා සංවර්ධන කලාප දෙකක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved