• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මීලඟ වොලිබොල් සභාපති වෙන්න ආණ්වුවේම සිව් දෙනෙක් කැමැත්තෙන්

28 January 2021
in ක්‍රීඩා

අප්‍රේල් මස 04 දිනට යෙදී ඇති මීලග වොලිබෝල් නිලවරණයේ සභාපතිධූරය වෙනුවෙන් ආණ්ඩු බලය සහිත සිවු දෙනෙක් බලාපොරොත්තුවෙන් පසුවන බව වාර්තා වේ.

ඒ් අනුව වත්මන් වොලිබෝල් සභාපති සහ නියෝජ්‍ය කථානායක අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න, රාජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය නාලක ගොඩහේවා සහ ඩී.වී චානක යන සිව් දෙනාගේ නම් සභාපතිධූරය සදහා සුදානම් වන්නන් ලෙස කියැවේ.

මේ අතරින් රංජිත් සියඹලාපිටිය සහ කංචන ජයරත්න වොලිබෝල් ක්‍රීඩාවේ නැයැළුණු අය වන අතර, ඒ් අනුව සභාපතිධූරයට තරග වැදීම පිණිස ක්‍රීඩා පනතින් ඔවුනට අවහිරයක් නැත.

කංචන ජයරත්න පාසල් අවධියේ දී සිටම වොලිබෝල්, ක්‍රිකට්, පාපන්දු, මළල ක්‍රීඩා, හා බේස්බෝල් යන ක්‍රීඩා රැසක නිරත වෙමින් සමස්ථ ලංකා ජයග්‍රහනයන් ලබා ඇති කණ්ඩායම් නියෝජනය කල ක්‍රිඩකයෙකි. එසේම ටයිකොන්ඩෝ සහ කුන්ෆු ආත්මාරක්ෂක ක්‍රීඩාවන්හි ද පුහුණුව ලබා එම ක්‍රීඩාවන්හි ජාතික ශූරතා තරග වලට සහභාගී වී ජයග්‍රහනයන් ලබා ඇත. ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපතිවරයා ලෙස 2009 වසරේ දී පත් වූ ඒ මහතා රත්නපුර දිස්ත්‍රික් වොලිබෝල් සංගමයේ සභාපති, ආබාධිතවූවන්ගේ (අපහසුතාවන්ගෙන් පෙළෙන) ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ සභාපති, මේ වන විට ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපතිධූරය, රත්නපුර දිස්ත්‍රික් ටයිකොණ්ඩෝ සම්මේලයේ සභාපති, රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ උප සභාපති, ප්‍රවීණයින්ගේ පාපන්දු සංගමයේ සභාපති සහ රත්නපුර පාපන්දු ලීගයේ සභාපතිවරයා වශයෙන් ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා කැපවී කටයුතු කරන පුද්ගලයෙකු වේ.

නමුත් ක්‍රීඩා පනත, එහි සංශෝධන හා ඊට අදාල රෙගුලාසි යටතේ ජාතික සංගමයක භාණ්ඩාගාරික තනතුරු හැරුණු විට සෙසු ප්‍රධාන තනතුරු වලට ඉදිරිපත්වීමට නම් අදාල ක්‍රීඩාවේ යෙදුන අයෙකු වීමේ අවශ්‍යතාවය අනුව ආචාර්ය නාලක ගොඩහේවා සහ ඩී.වී චානක යන දෙදෙනාට සභාපතිධූරය සදහා තරග වැදීම පිණිස නීතිමය අවහිරයක් වේ.

ඒසේ වුවද ජාතික සංගමයක සභාපතිධූරයට තරග වැදිමේ දී එම අවශ්‍යතාව අදාල නොවන පරිදි අවසරයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇතිය යන පදනමේ සිට එම දෙදෙනා සභාපතිධූරය සදහා තරඟ වැදීමට සැරසෙන බැව් පැවැසේ.

වොලිබෝල් නිලවරණය සදහා නාමයෝජනා බාර ගැනීම පෙබරවාරි මස 15 දා අවසන්වීමට නියමිතව ඇති බැවින් සභාපතිධූරය සදහා තරගවැදීම සදහා වන එකී අවහිරතාව ඉවත් කරමින් ක්‍රීඩා පනතේ රෙගුලාසියක් සංශෝධනය කිරීම පිණිස ප්‍රමාණවත් තරම් කාලයක් ඉතිරිව තිබේද යන පැනය ද ඒ සමග මතුවේ.

 

Post Views: 14
Previous Post

ඉන්දිය කොවිඩ් එන්නත දිවයිනට – ජනපතිගෙන් රාජ්‍ය ඇමැති සුදර්ශනිට

Next Post

ආණ්ඩුව රුපියලේ ආදායම රුපියල් පහට වියදම් කිරීම ප්‍රශ්ණයක් – මන්ත්‍රී පාඨලි

editor

editor

Next Post

ආණ්ඩුව රුපියලේ ආදායම රුපියල් පහට වියදම් කිරීම ප්‍රශ්ණයක් - මන්ත්‍රී පාඨලි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved