27 April 2024
#දේශීය

ඉන්දිය කොවිඩ් එන්නත දිවයිනට – ජනපතිගෙන් රාජ්‍ය ඇමැති සුදර්ශනිට

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස සපයන ලද කොරෝනා එන්නත් තොගය අද (28) කටුනායක ගුවන් තොටුපොළට ළඟා විය.

එම තොගයේ එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අඩංගු වේ.

එන්නත් තොගය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදි. පසුව ජනාධිපතිවරයා විසින් රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය වෙත භාර දී තිබේ.

පසුව එන්නත් තොගය ගීතකරණ සහිත රථවල බහා සෞඛ්‍ය අමාත්‍යංශය වෙත රැගෙන යෑමට කටයුතු කර තිබුණි.

එන්නත් තොගය අද පස්වරුවේ මෙරට රෝහල් 6 ක් වෙත බෙදා හැරීමට නියමිත අතර හෙට (29) සිට එන්නත්කරණය ඇරඹීමට නියමිතය.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *